31st December 2021 10:58:50 Hours
සිවිල් වැසියන් සහ ආරක්‍ෂක අංශ සාමාජිකයින් අතර පවතින සුහදත්වය තවදුරටත් ප්‍රවර්ධනය කරමින් ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 23 වන සේනාංකයට අයත් 231 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 4 වන ගැමුණු හේවා බලඇණියේ භටපිරිස් විසින් මඩකලපුව, වාලච්චේනිය ප්‍රදේශයේ පදිංචි දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවු පවුලක නිවසක් ප්‍රතිසංස්කරණය කර පසුගිය බ්‍රහස්පතින්දා (28) දින නිවෙස්හිමියන් වෙත භාරදුන්නේය.
MJF Zone-Region 1, Zone 1 හි සභාපති සහ සිංහ සමාජයේ "77 Thoughts for Hope" හි ප්‍රධානි සිංහ කේ. ලෝගේන්ද්‍රන් මහතා විසින් ලබාදුන් අනුග්‍රාහකත්වය මත මෙම නිවසේ ප්‍රතිසංස්කරණ කටයුතු 4 වන ගැමුණු හේවා බළඇණියේ භටපිරිස් විසින් සති කිහිපයක් තුළ සිදුකරන ලදී.
ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන කෝමලම් මහත්මියගේ නිවස ප්‍රතිසංස්කරය කරදීමේ අවශ්‍යතාවය පිළිබඳ 231 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් දිපුල බණ්ඩාර විසින් පරිත්‍යාගශීලි කේ. ලෝගේන්ද්‍රන් මහතා වෙත දැනුම්දීමෙන් අනතුරුව නිවස ප්‍රතිසංස්කරණය කරදීම සඳහා අවශ්‍ය මුල්‍යමය දායකත්වය ලබාදීමට එතුමන් ඉදිරිපත් විය.
ඒ අනුව, ප්‍රතිසංස්කරණය කරන ලද නිවස විවෘත කිරීමේ උත්සවයට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 231 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් දිපුල බණ්ඩාර සහභාගි විය.
තවද, එම අවස්ථාවට 4 වන ගැමුණු හේවා බළඇණියේ අණදෙන නිලධාරි, 231 වන බලසේනාවේ සිවිල් සම්බන්ධිකරණ නිලධාරි ඇතුළු 4 වන ගැමුණු හේවා බළඇණියේ නිලධාරින් සහ සෙසුනිලයින් පිරිසක් සහභාගි වූහ.