29th December 2021 15:18:06 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේචඡා බලසේනා මුලස්ථාන පරිශ්‍රයේ අභිනවයෙන් සන්නිවේදන මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම සඳහා මුල්ගල තැබීම සෙත්පිරිත් සඡ්ඣායනා මධ්‍යයේ පසුගිය සඳුදා (27) දින සිදුවිය.
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් චන්න වීරසූරිය විසින් එම මුලස්ථාන පරිශ්‍රයේ පැවති දීර්ඝකාලීන අවශ්‍යතාවයක් සපුරාලමින් අභිනවයෙන් ඉදිකරනු ලබන සන්නිවේදන මධ්‍යස්ථානය සඳහා මුල්ගල තැබුවේය. මෙම සන්නිවේදන මධ්‍යස්ථානයේ ඉදිකිරීම් කටයුතු ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ භටපිරිස් විසින් සිදුකරනු ලබයි.
කඳවුරු පරිශ්‍රයේ පිහිටි සන්නිවේදන කුළුණට යාබදව ස්ථාපිත කෙරෙන මෙම සන්නිවේදන මධ්‍යස්ථානය තුළ සන්නිවේදන හා තොරතුරු තාක්‍ෂණ පද්ධතිවල සියලු අංශ වැඩිදියුණු කරමින් ලිපි හුවමාරු කාමරයක් සහ කඳවුරු පරිශ්‍රයේ අත්‍යවශ්‍ය සංඥා උපකරණ ආරක්‍ෂිතව ගබඩා කර තැබීමේ පහසුකම් පවතී.
පවතින සෞඛ්‍යාරක්‍ෂිත මාර්ගෝපදේශයන්ට අනුකූලව පැවැති මෙම උත්සවය සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ නිලධාරින් කිහිපදෙනෙකු සහභාගි වූහ.