Header

Sri Lanka Army

Defender of the Nation

29th December 2021 16:18:06 Hours

යුද්ධ හමුදාවේ මුලිකත්වයෙන් පාසල් උපකරණ පරිත්‍යාගයක්

B M I S ආයතනයේ අධ්‍යක්‍ෂතුමන් සහ කාර්ය මණ්ඩලය විසින් ලබාදුන් අනුග්‍රාහකත්වය මත ඔඩ්ඩුසුඩාන් කරුවලකණ්ඩාල් ප්‍රාථමික විද්‍යාලයේ අධ්‍යාපනය හදාරණ අඩු ආදයම්ලාභි පවුල්වල දරු දැරියන්ට පාසල් උපකරණ සහ පොත්පත් බෙදාදෙන ලදී. මෙම පාසල් උපකරණ බෙදාදිමේ උත්සවය යුද්ධ හමුදාවේ මුලිකත්වයෙන් දෙසැම්බර් මස 15 දින එම පාසල් පරිශ්‍රයේදී පැවැත්විණි.

64 වන සේනාංකය සහ 641 වන බලසේනා මූලස්ථානය විසින් කරන ලද ඉල්ලීමකට අනුව B M I S ආයතනයේ අධ්‍යක්‍ෂතුමන් සහ කාර්ය මණ්ඩලය විසින් මෙලෙස පාසල් උපකරණ පරිත්‍යාග කිරීම සඳහා අනුග්‍රහය ලබාදෙන ලදී.

641 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ජනක් ජයවර්ධන ලබාදුන් උපදෙස් මත එම බලසේනාවේ භටපිරිස් විසින් පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහන සංවිධානය කරන ලදී. එම අවස්ථාවට 641 වන බලසේනාවේ සිවිල් සම්බන්ධිකරණ නිලධාරි සහ 14 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු සහභාගි වූහ.