Header

Sri Lanka Army

Defender of the Nation

29th December 2021 17:47:47 Hours

542 වන බලසේනාවේ මුලිකත්වයෙන් පාසල් උපකරණ පරිත්‍යාගයක්

සිවිල් වැසියන් සහ ආරක්‍ෂක අංශ සාමාජිකයින් අතර පවතින සුහදත්වය තවදුරටත් වැඩිදියුණු කරමින් යුද්ධ හමුදාවේ මුලිකත්වයෙන් ගලේවෙල මහජන බැංකුවේ සහ මන්නාරම ටෙලිකොම් මොබිටෙල් පුද්ගලික සමාගමේ මූල්‍යමය අනුග්‍රාහකත්වය මත පසුගිය බ්‍රහස්පතින්දා (23) දින පාසල් උපකරණ සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කරන ලදී.

වන්නි ප්‍රදේශයේ දුෂ්කර ගම්මානවල වෙසෙන අවශ්‍යතා සහිත පවුල්වල පාසල් සිසු සිසුවියන්ගේ අධ්‍යාපන මට්ටම තවදුරටත් ඉහළ නැංවිමේ අරමුණින් දියත් කළ මෙම වැඩසටහනේදී මන්නාරම ඉසමලතතිව් ප්‍රාථමික විද්‍යාලයේ, මන්නාරම තම්පනෙයිකුලම් ප්‍රාථමික විද්‍යාලයේ සහ මන්නාරම පන්නෙවෙට්ටුවාන් දමිළ මිශ්‍ර පාසලේ අධ්‍යාපනය හදාරණ තෝරාගත් සිසු සිසුවියන් 54 දෙනෙකු වෙත පාසල් උපකරණ සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බෙදාදුන්හ.

54 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් යු.ඩි. විජේසේකර ලබාදුන් උපදෙස් මත 542 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් ඩබ්ලිව්.එස්.වී. ප්‍රනාන්දු ගේ අධීක්‍ෂණය යටතේ 15 වන (ස්වේච්ඡා) ගැමුණු හේවා බළඇණියේ භටපිරිස් විසින් සංවිධානය කරන ලද මෙම වැඩසටහන ඉසමලතතිව් ප්‍රජා ශාලාවේදී පැවැත්විණි.

මෙම අවස්ථාවට 54 වන සේනාංකයේ සේනාංකාධිපති, 542 වන බලසේනාවේ බලසේනාධිපති, 54 වන සේනාංකයේ සිවිල් සම්බන්ධිකරණ නිලධාරි, අණදෙන නිලධාරින් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින්, විදුහල්පතිවරුන්, ගුරුවරුන්, දෙමාපියන් සහ සිසු සිසුවියන් සහභාගි වූහ.