Header

Sri Lanka Army

Defender of the Nation

29th December 2021 18:47:47 Hours

56 වන සේනාංකයේ සේනාංකාධිපති රාජකාරි අරඹයි

ආරක්‍ෂක සේනා මුලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 56 වන සේනාංකයේ 26 වන සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරල් සමන් ලියනගේ ඉකුත් සඳුදා (20) දින මහා සංඝරත්නයේ සෙත්පිරිත් සඡ්ඣායනා මධ්‍යයේ රාජකාරි කටයුතු ආරම්භ කළේය.

සෞඛ්‍යාරක්‍ෂිත මාර්ගෝපදේශයන්ට අනුකූලව පැවැති මෙම රාජකාරි භාරගැනීමේ අවස්ථාව සඳහා මාණ්ඩලික නිලධාරින් සහ සෙසුනිලයින් පිරිසක් සහභාගි වුහ. නව සේනාංකාධිපතිතුමන් සංකේතාත්මක නිල ලේඛණයකට අත්සන් තබමින් නව ධුරයේ රාජකාරි භාරගැනීම සනිටුහන් කළේය.

ඉන් අනතුරව නිලධාරින් ආමන්ත්‍රණය කරමින් සිය දැක්ම පැහැදිලි කළ නව සේනාංකාධිපතිතුමන් සියලුනිල තේපැන් සංග්‍රහයකට ද එක්විය.