29th December 2021 20:28:12 Hours
අම්පාර බුද්ධංගල විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය බුද්දංගල ආනන්ද නාහිමිපාණන් අවුරුදු 78 ක් ආයු වළඳා පසුගිය අඟහරුවාදා (28) දින කොළඹ ජාතික රෝහලේදී අපවත් වී වදාළහ.
ආනන්ද නාහිමිපාණන් පැවිදි දිවියට ඇතුළත් වීමට ප්‍රථම වර්ෂ 1964 මාර්තු මස 26 දින ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට බැඳී ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ පාබල හමුදා රණශූරයෙකු ලෙස වසර 34 ක කාලයක් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට සිය අභිමානවත් සේවය ලබාදුන් අතර වර්ෂ 1998 අප්‍රේල් මස 29 දින මේජර් ජෙනරල්වරයෙකු ලෙස විශ්‍රාම දිවියට පා තබන ලදී.
වර්ෂ 1980 දී සිවිල් සමාජයේ ඇතිවු උග්‍ර කැළඹීම් සහගත තත්වයන්හිදී පාබල හමුදා රණශූරයෙකු ලෙස ක්‍රියාකළ මේජර් ජෙනරල් ඒ.ජී. වීරසේකර (විශ්‍රාමික) යුද්ධ හමුදා සේවා කාලය තුළ ප්‍රධාන තනතුරු රැසක් හොබවමින් මවුබිම වෙනුවෙන් අභිමානවත් සේවයක් ඉටුකළේය.
උන්වහන්සේ ගරු අමාත්‍ය සරත් වීරසේකර මැතිතුමන්ගේ වැඩිමහල් සහෝදරයා ද වේ.