28th December 2021 09:31:07 Hours
යුද්ධ හමුදාවේ 13 වන ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු ලෙස මේජර් ජෙනරල් චන්දන විජේසුන්දර යුද්ධ හමුදා මූලස්ථානයේ පිහිටි සිය කාර්යාලයේදී පසුගිය සඳුදා (27) දින රාජකාරි ආරම්භ කළේය.
ආගමික වතාවත්හී නිරතවීමෙන් අනතුරුව මේජර් ජෙනරල් චන්දන විජේසුන්දර සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් නව ධූරයේ රාජකාරි භාරගැනීම සනිටුහන් කළේය.
ඉන් අනතුරුව, නව ධූරයේ රාජකාරි භාරගත් ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු වෙත සිය කාර්යාලයේ සියලු ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ නිලධාරින් සිය සුභපැතුම් පිරිනැමූහ. මෙම ධූරයේ රාජකාරි භාරගැනීමට ප්‍රථම එතුමන් ඉංජිනේරු සේනාංකයේ සේනාංකාධිපති ධූරය හෙබවූවේය.
මීට ප්‍රථම ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනෙරු ධූරය හෙබවු මේජර් ජෙනරල් නිහාල් අමරසේකර 35 වසරක යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ගැනීමෙන් අනතුරුව මේජර් ජෙනරල් චන්දන විජේසුන්දර එම ධූරය සඳහා පත්වීම් ලැබීය.
සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව පැවති මෙම අවස්ථාවට ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු මූලස්ථානයේ මාණ්ඩලික නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් සහභාගී වූහ.