01st January 2022 01:25:21 Hours
මුලතිව් ප්‍රදේශයේ සේවයේ නියුතු ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට ලබන්නා වූ නව වසර වෙනුවෙන් සුභපැතුම් පිරිනැමීම සඳහා බදාදා (29) දින සන්ධ්‍යාවේ එම ආරක්‍ෂක සේනා මුලස්ථානය වෙත සපැමිණි ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති සහ හරිත කෘෂිකර්ම ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහත් හරසරින් යුතුව පිළිගත්තේය.
එම ආරක්‍ෂක සේනා මූලස්ථානය ප්‍රධාන දොරටුව අභියසදී 17 වන ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාර යුද්ධ හමුදාධිපතිතුමන් වෙත පුදකිරීමෙන් අනතුරුව ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් සංජය වනසිංහ විසින් එතුමන් උණුසුම් අයුරින් පිළිගත්තේය. ඉන් අනතුරුව, මේජර් ජෙනරල් සංජය වනසිංහ විසින් උත්සවයේ ආරම්භය සනිටුහන් කරමින් භටපිරිස් ආමන්ත්‍රණය කිරීම සඳහා යුද්ධ හමුදාධිපතිතුමන් වෙත ආරාධනා කළේය.
එහිදී, භටපිරිස් ඇමතූ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති සහ හරිත කෘෂිකර්ම ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා “මුලතිව් ප්‍රදේශයේ ජනතාවගෙන් වැඩි පිරිසක් ධීවර කර්මාන්තයේ නියැලෙමින් දුෂ්කරතා මධ්‍යයේ සිය ජීවිකාව ගෙනයනු ලබන බැවින් ජනතාවගේ ආරක්‍ෂාව සහතික කරන අතරම ඔවුන්ගේ ජිවන තත්ත්වය ඉහළ නැංවිමට ද ඔබ උපකාර කළ යුතුයි. එමෙන්ම, මුලතිව් ප්‍රදේශයේ වෙසෙන ජනතාව සමාජ විරෝධී ක්‍රියාකාරීන්ගේ හා මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන්ගේ ගොදුරක් බවට පත්වීමට ඉඩ නොදි ඔවුන්ගේ සුභසාධනය සඳහා ඔබේ ප්‍රජා සුභසාධන කටයුතු තවදුරටත් පුළුල් කළ යුතුයි.” යනුවෙන් ප්‍රකාශ කළේය.
“යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති, නිවාස ඉදිකිරීම්, ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම්, මුල්‍ය පරිත්‍යාගයන්, ආගමික ස්ථාන ප්‍රතිසංස්කරණ කටයුතු, ක්‍රීඩා පහසුකම් ලබාදීම සහ පොදු සේවාවන් ආදී විවිධ සමාජ සංවර්ධන කාර්යභාරයන් වෙනුවෙන් ඔබ කැපවීමෙන් කටයුතු කරන බව මා හොඳින් දනිමි” යැයි යුද්ධ හමුදාධිපතිතුමන් තවදුරටත් පැවසීය.
තම ධූර කාලය තුළ යුද්ධ හමුදාවේ සියලු නිලයන් වෙනුවෙන් උසස්වීම් ලබාදීම පිළිබඳ අවධානය යොමු කළ ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා එළඹෙන නව වසරේදීත් යුද්ධ හමුදාවේ සියලුම නිලයන් වෙනුවෙන් තවදුරටත් උසස්වීම් ලබා දෙන බවට එහිදි සහතික විය.
“එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරීන් සඳහා අපගේ දායකත්වය හා කැපවූ කාර්යභාරය මෙන්ම අවශ්‍යතා සහිත පවුල් වෙනුවෙන් නව නිවාස ඉදිකිරීමට ඔබ දක්වන කැපවීම වෙනුවෙන් ද ප්‍රශංසා කළ යුතුයි. එළඹෙන නව වසර වෙනුවෙන් මෙම හමුව සංවිධානය කිරීම පිළිබඳව ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් ඇතුළු ඒ වෙනුවෙන් කැපවී ක්‍රියාකළ සියලුදෙනාට මාගේ හෘදයාංගම ස්තුතිය පුදකර සිටිමි. අවසාන වශයෙන්, නව වසර වෙනුවෙන් ඔබ සියලුදෙනා වෙත සහ ඔබගේ ආදරණීයන් වෙනුවෙන් මගේ සුභපැතුම් පිරිනමමි. අපගේ සන්නද්ධ හමුදා සාමාජිකයින් කෙරෙහි ජාතියේ ඉහළ ගෞරවයක් හිමිවි ඇති බැවින් එය තවදුරටත් වැඩිදියුණු කරගනිමින් රාජකාරි ඉටුකිරීමට හැකි වේවායි මා ප්‍රාර්ථනා කරමි.” යැයි යුද්ධ හමුදාධිපතිතුමන් පැවසීය.
එමෙන්ම, තම රාජකාරී මැනවින් ඉටුකිරීම සඳහා විශේෂ පුහුණුවක් ලබාගැනීමේ අවශ්‍යතාවය සියලුම නිලධාරීන්ගේ සහ සෙසු නිලයින්ගේ ඒකායන අරමුණ විය යුතු බවත් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට සියලු හැකියාවන්ගෙන් පරිපූර්ණ හා රණශූර නිලධාරින් බිහිකිරීම වෙනුවෙන් බුත්තල පිහිටි යුද්ධ හමුදා යුද විද්‍යාලය ස්ථාපිත කිරීම ඒ සඳහා හොඳම උදාරහරණය බවත් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ සේවය කර මානුෂීය මෙහෙයුමේදී දිවිපිදූ විරෝදාර රණවිරුවන් සිහිපත් කළ යුද්ධ හමුදාධිපතිතුමන් එම රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයින්ට සිය ස්තූතිය පුදකිරීමට ද කටයුතු කළේය.
යුද්ධ හමුදාධිපතිතුමන් භටපිරිස් ඇමතීමෙන් අනතුරුව, ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ සේවයේ නියුතු සියලුම යුද්ධ හමුදා සාමාජිකයින් වෙනුවෙන් මේජර් ජෙනරල් සංජය වනසිංහ විසින් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා වෙත සමරු තිළිණයක් ප්‍රදානය කරන ලදී. ඉන් අනතුරුව, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ද ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් වෙත සමරු තිළිණයක් ප්‍රදානය කරමින් සිය කෘතඥතාවය පුදකළේය. ඉන් අනතුරුව, යුද්ධ හමුදාධිපතිතුමන් එම අවස්ථාවට සහභාගිවු භටපිරිස් සමඟ ද සුහදව අදහස් හුවමාරු කරගත්හ.
මෙම අවස්ථාව සනිටුහන් කරමින් ගනු ලැබු සමූහ ඡායාරූපයකට එක්වූ යුද්ධ හමුදාධිපතිතුමන් එම ආරක්‍ෂක සේනා මූලස්ථාන පරිශ්‍රයේ බෙලි පැළයක් ද රෝපණය කළේය. මෙම සංචාරයේ සමාප්තිය සනිටුහන් කරමින් යුද්ධ හමුදාධිපතිතුමන් එම ආරක්‍ෂක සේනා මූලස්ථානයේ විශේෂ අමුත්තන්ගේ පොතේ සමරු සටහනක් ද තැබුවේය.
මෙම අවස්ථාවට ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - මුලතිව්, සේනාංකාධිපතිවරුන්, බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරින්, ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ නිලධාරින් සහභාගි වුහ.