Header

Sri Lanka Army

Defender of the Nation

28th December 2021 09:58:07 Hours

යුද්ධ හමුදා නත්තල් සැමරුම මහජනතාවගේ ආකර්ශනය දිනාගනී

ශ්‍රී ලංකාවේ ආගමික හා සංස්කෘතික විවිධත්වයට සැබෑ අරුතක් එක්කරමින් ශ්‍රී ජයවර්ධනපුර යුද්ධ හමුදා මුලස්ථානය සහ ඒ අවට මාර්ගයන් නෙත් සිත් ඇදගන්නා අයුරින් නත්තල් සැරසිරි වලින් අලංකාරවත් කර ඉකුත් සිකුරාදා (24) දින සන්ධ්‍යාවේ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ සුරිතින් විවෘත කරන ලදී.

‘සාමයේ කුමරා’ වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සනිටුහන් කරන නත්තල් දිනය වෙනුවෙන් මධ්‍යම පරිසර අධිකාරිය මංසන්ධියේ සිට යුද්ධ හමුදා මූලස්ථානය දක්වා දිවෙන මාර්ගය දෙපස අලංකාරවත් කර ඇති නත්තල් සැරසිලි මෙන්ම විදුලි ආලෝක සැරසිලි 2022 නව වසර උදාව දක්වා පවති.

යුද්ධ හමුදා භටපිරිස් විසින් නිර්මාණය කරන ලද නත්තල් සැරසිලි දැකබලා ගැනීම සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශයන් පිළිපදිමින් සන්ධ්‍යා කාලයේදී පැමිණෙන ලෙස යුද්ධ හමුදාව මහජනතාවගෙන් ආරාධනා කරනු ලබයි.