Header

Sri Lanka Army

Defender of the Nation

19th June 2021 20:43:21 Hours

591 වන බලසේනාවේ භටපිරිස් විවිධ අවශ්‍යතා සහිත පවුල් සඳහා එළවළු පාර්සල් බෙදාදෙයි

ආරක්‍ෂක සේනා මූලස්ථානය- මුලතිව් යටතේ ස්ථාපිත 59 වන සේනාංකය යටතේ ඇති 591 වන බලසේනාවේ භටපිරිස් ඉකුත් අඟහරුවාදා (15) දිනනන්දිකඩාල් ප්‍රදේශයේ විවිධ දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන පවුල් අතර එළවළු පාර්සල් බෙදා දෙන ලදී.

මෙම වැඩසටහන 59 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල්පී. ඩී සූරිය බණ්ඩාරගේ උපදෙස් මත 591 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් සුජීව පෙරේරාගේ අධීක්ෂණය යටතේ පවත්වන ලදී.

මෙම බෙදාහැරීමේ වැඩසටහන සඳහා 59 වන සේනාංකයේ සේනාංකාධිපති, 12 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ සහ 24 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරීන්, 591 වන බලසේනාවේ සිවිල් සම්බන්ධීකරණ නිලධාරී, මුලතිව් ධීවර කමිටු සභාපති, මුලතිව් මහජන සෞඛ්‍ය පරීක්‍ෂක ඇතුළු පිරිසක් සහභාගී වූහ.