Header

Sri Lanka Army

Defender of the Nation

19th June 2021 20:54:24 Hours

හෝමාගම පාලි හා බෞද්ධ විශ්ව විද්‍යාලයේ නේවාසිකව අධ්‍යාපනය හඳාරණ ශීෂ්‍ය භීක්‍ෂූන් වහන්සේලා වෙනුවෙන් වියළි ආහාරද්‍රව්‍ය තොගයක් පරිත්‍යාග කරයි

​සංචාරණ සීමාවන් හේතුවෙන්හෝමාගම පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයේ නේවාසිකව අධ්‍යාපනය හදාරණ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාගේ ප්‍රයෝජනය සඳහා අවශ්‍ය වියළි ආහාර ද්‍රව්‍ය තොගයක් ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර සහ යුද්ධ හමුදා බෞද්ධ මණ්ඩලයේ සභාපති මේජර් ජෙනරල් විකුම් ලියනගේ ඉකුත් සිකුරාදා (18) දින පරිත්‍යාග කරන ලදී.

කොවිඩ්-19වෛරස් තත්ත්වය සහ පවතින සංචරණ සීමා හේතුවෙන් දුෂ්කරතාවන්ට මුහුණ දී සිටින විශ්වවිද්‍යාලයේ නේවාසිකව අධ්‍යාපනය හඳාරණමියන්මාරය, බංග්ලාදේශය, නේපාලය සහ ඉන්දියාව යන රටවල ශිෂ්‍ය භීක්‍ෂූන් වහන්සේලා වෙනුවෙන් මෙම පරිත්‍යාගය සිදුකරන ලදී.