Header

Sri Lanka Army

Defender of the Nation

19th June 2021 20:55:24 Hours

වවුනියාව දිස්ත්‍රික්කයේ කොවිඩ්-19වෛරසය පැතිරීම වැළැක්වීමේ යාන්ත්‍රණය පිළිබඳ සාකච්ඡා කෙරේ 

වවුනියාව දිස්ත්‍රික්කයේ කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ සමස්ථ සම්බන්ධීකරණ නිලධාරි ලෙස කටයුතු කරනු ලබන ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් හේමන්ත බණ්ඩාරගේ ප්‍රධානත්වයෙන් සම්බන්ධීකරණ සාකච්ඡාවක් පසුගිය ඉරිදා (13) දින වවුනියාව දිස්ත්‍රික් මහලේකම් කාර්යාලයේදී පැවැත්විණි. එම අවස්ථාව සඳහා දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - වවුනියා දිස්ත්‍රික් ලේකම් - එස්. එම්. සමන් බන්දුලසේන මහතා සහ රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.  

තවද මෙම අවස්ථාව සදහා56 වන සේනාංකයේ සේනාංකාධිපතිමේජර් ජෙනරල් නන්දන දුනුවිල, 563වන බලසේනාවේ බලසේනාධිපතිබ්‍රිගේඩියර් පණ්ඩුක පෙරේරා, වවුනියා කොට්ඨාශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, තිස්ස ලාල් ද සිල්වා සහ වවුනියාව දිස්ත්‍රික්කයේ සියලු පොලිස් ස්ථානයන්හී ස්ථානාධිපතිවරු, සෞඛ්‍ය සේවා ප්‍රාදේශීය අධ්‍යක්ෂ, අනෙකුත් රජයේ නිලධාරීන් සහ තොග වෙළෙඳුන්ගේ සංගමයේ නියෝජිතයින් පිරිසක් සහභාගී වූහ. 

මෙම සාකච්ඡාවේ අරමුණ වූයේ සෞඛ්‍ය නිලධාරීන්, පොලිස් නිලධාරීන් සහ අනෙකුත් පාර්ශවකරුවන් සමඟ සමීප සහයෝගයෙන් ව්‍යාප්ත වෙමින් පවතිනකොවිඩ්-19 වෛරසය පැතිරීම වැළැක්වීමේ යාන්ත්‍රණය සම්බන්ධීකරණය කිරීමයි. 

කොවිඩ්-19 වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා සෞඛ්‍ය උපදෙස් පිළිපැදීමේ වැදගත්කම අවධාරණය කරමින් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය මහේන්ද්‍රන් මහතා පවතින තත්ත්වය පිළිබඳ කරුණු පැහැදිලි කළේය.පවතින සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුකූලව කොවිඩ්-19 වෙරසය මැඩපැවැත්වීමට සහය වන ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් හේමන්ත බණ්ඩාරසාකච්ඡාවට සහභාගී වූ පිරිසට උපදෙස් ලබාදුන්නේය.