Header

Sri Lanka Army

Defender of the Nation

19th June 2021 20:56:24 Hours

තුනුක්කායි ප්‍රදේශයේ පවුල් අතර වියලි සලාක බෙදාදෙයි

65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ටිකිරි දිසානායකගේ උපදෙස් හා අධීක්‍ෂණය යටතේ යුද්ධ හමුදා සාමාජිකයන් විසින් 2021 ජුනි මස13 වන දින තුනුක්කායි සහ නඩ්ඩන්කන්දල් යන ප්‍රදේශවල විවිධ දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන පවුල් අතර වියළි සලාක පරිත්‍යාග කිරිමේ වැඩසටහනක් දියත් කළේය.

මෙම අවස්ථාව සඳහාපරිත්‍යාගශීලි රංගන මහතා සහ අනුරකාන්ත මහතා එක්ව වියළි සලාක පාර්සල් 50 ක් පරිත්‍යාග කරන ලදී.

මෙම පරිත්‍යාගයන් බෙදාදීමේ අවස්ථාව සඳහා මුලතිව් දිස්ත්‍රික් ලේකම්, 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ටිකිරි දිසානායකසහ මුලතිව්සහ තුනුක්කායි ප්‍රාදේශීය ලේකම්වරුන්, 652 වනබලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් උදය හේරත්, මාණ්ඩලික නිලධාරීන් සහ 17 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරී ඇතුළු පිරිසක් සහභාගී වූහ.