Header

Sri Lanka Army

Defender of the Nation

18th June 2021 10:00:15 Hours

ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගීවීම සඳහා පරිසාධන මට්ටම ඉහළ නංවා ගැනීමට යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තවත් අවස්ථාවක්

ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා තරඟාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනීමට සහශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පරිසාධන මට්ටම් ඉහළ නංවා ගැනීමට අවස්ථාව උදාකරමින් 57 වැනි ශ්‍රී ලංකා යුද්ධ හමුදා මලල ක්‍රීඩා තරඟාවලියේ පළමු අදියරය ඉකුත් අඟහරුවාදා (15) දින සුගතදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ විය. එහිදි තෝරාගත් ඉසව් කිහිපයක් සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරාගැනීම සිදු වූ අතර, පවතින සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව සියලු ඉසව් පවත්වන ලදී.

තරඟාවලියේදී තරඟ ඉසව් 10 ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 78 දෙනෙකු සහභාගී වූ අතර එහිදී නව ක්‍රීඩා වාර්තා දෙකක් ද පිහිටුවන ලදී.

ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ මාණ්ඩලික සැරයන් ඩබ්ලිව්. කේ. එච් ඒෂාන් ක්‍රීඩකයා මීටර 100 ඉසව්ව තත්පර 10.34 කින් අවසන් කීරමට සමත් වූ අතර,යගුලිය විසි කිරිමේ ඉසව්වෙන් මීටර් 16.89 ක දුරක් වාර්ථා කිරීමට කාලතුවක්කු හමුදාවේ ලාන්ස් බොම්බඩි ඩබ්ලිව්. එස්. එම් පෙරේරා ක්‍රීඩකයා සමත් විය.

ශ්‍රී ලංකා මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ හැකියාවන් සැලකිල්ලට ගනිමින් අනාගතයේදී පැවැත්වෙන ශූරතාවයන්ගෙන් කැපී පෙනෙන සාර්ථකත්වයක් ලබාගැනීම සඳහා ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ උපදෙස් මත ආරක්‍ෂක සේනා ආඥාපති - කිලිනොච්චි සහ මලල ක්‍රීඩා කමිටුවේ සභාපති මේජර් ජෙනරල් හරේන්ද්‍ර රණසිංහ ගේ අධීක්‍ෂණය යටතේ මෙම තරඟාවලිය පැවැත්විණි.

යුද්ධ හමුදා මලල ක්‍රීඩා කමිටුවේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් වන බ්‍රිගේඩියර් චානක රත්නායක, බ්‍රිගේඩියර් විපුල ඉහලගේ, බ්‍රිගේඩියර් ජානක රණසිංහ, බ්‍රිගේඩියර් වසන්ත ලියනවඩුගේ සහබ්‍රිගේඩියර් ප්‍රියන්ත නවරත්න යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ මෙහෙයවීමෙන් මෙම තරඟාවලිය පවත්වන ලදී.

ජයග්‍රාහකයින්ගේ විස්තර පහතින් දැක්වේ: