Header

Sri Lanka Army

Defender of the Nation

18th June 2021 21:04:12 Hours

සීදූව ප්‍රදේශයේ ස්ථාපිත කරන ලද අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයට යුද්ධ හමුදා රෙජිමේන්තු සේවා වනිතා ඒකකයන් වෙතින් සහ පෞද්ගලික අංශයෙන් පරිත්‍යාග

යුද්ධ හමුදා සේවාවනිතා ඒකකය මූලිකත්වයෙන් සෞඛ්‍ය බලධාරීන්ගේ සහයෝගය ඇතිව සීදූව ප්‍රදේශයේ ඉදිකළ මෙරට විශාලතම අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබන රෝගීන්ගේ ප්‍රයෝජනය සඳහා අත්‍යවශ්‍ය භාණ්ඩ තොගයක් යුද්ධ හමුදා රෙජිමේන්තු සේවා වනිතා ඒකකයන්,පෞද්ගලික අංශයේ පරිත්‍යාගශීලීන් සහ විවිධ අංශ වෙතින් පරිත්‍යග කරන ලදී.

ඒ අනුව, යුද්ධ හමුදා බුද්ධි බලකා සේවා වනිතා ඒකකයේ සභාපතිණිය අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබන රෝගීන් සඳහා අවශ්‍යසනීපාරක්ෂක භාණ්ඩ හා වෛද්‍ය උපකරණ තොගයක් යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිණි සුජීවා නෙල්සන් මහත්මිය වෙතපරිත්‍යාග කළහ.

මේ අතර, ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකා සේවා වනිතා ඒකකයේ සම්බන්ධීකරණයෙන් ‘Hemas Manufacturers (Pvt) Ltd’ ආයතනයේ අනුගහකත්වයෙන ඇඳ ඇතිරිලි, කොට්ට සහ සනීපාරක්ෂක භාණ්ඩ තොගයක් යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිණිය වෙත පරිත්‍යාග කළහ.

තවද, අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබන්නන් සඳහා ආරිය කිරි නිෂ්පාදන පෙෘද්ගලික ආයතනයේ කිරි නිෂ්පාදන තොගයක් එම ආයතනයේ සභාපතිවරයා විසින් සේවා වනිතා ඒකකයේ සභාපතිණිය වෙත ලබාදුන්නේය.

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති සහ කොව්ඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ මඟ පෙන්වීම යටතේ ශ්‍රී ලංකා යුද්ධ සේවා වනිතා ඒකකය (ASVU) මෙහි ඉදිකිරිම් කටයුතුවල මූලිකත්වය ගෙන කටයුතු කළ අතර,අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදිකිරීම් කටයුතු යුද්ධ හමුදා භටයින්ගේ තාක්ෂණික හා ශ්‍රමදායකත්වය ඇතිව සිදුකරන ලදී.

මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ බ්‍රිගේඩියර් සම්බන්ධීකරණ නිලධාරි බ්‍රිගේඩියර් තුෂාර බාලසූරිය, යුද්ධ හමුදා බුද්ධි බලකා සේවා වනිතා ඒකකයේ සභාපතිණි මනෝරි සලේ මහත්මිය, ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකා සේවා වනිතා ඒකකයේ සභාපතිණි නිශාන්ති අබේයරත්න මහත්මිය ඇතුළු පරිත්‍යාගශීලි සමාගම් නියෝජනය කරමින් එස්.කේ.ටී.සී. මුනසිංහ සහ චන්දිකා නිරෝෂ යන මහත්වරුන්ද සහභාගී වූහ.