Header

Sri Lanka Army

Defender of the Nation

16th June 2021 08:15:00 Hours

පුද්ගලයින් 638 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් වීමෙන් පසු පිටව ගොස් ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි

අද (18) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 2,372 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් අතරින් පුද්ගලයින් 06 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයින් වන අතර, පුද්ගලයින් 05 දෙනෙකු මෙරටට පැමිණි විදේශිකයින් වේ. ඉතිරි පුද්ගලයින් 2,361 දෙනා දේශීයව හඳුනාගත් ආසාදිතයින් ලෙස වාර්තා වේ. හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර, ඒ ආසාදිතයින් 562 ක් ලෙසය. ඊට අමතරව, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 455 ක් සහ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 234 ක් වාර්තා වේ. අනෙක් ආසාදිතයින් 1,110 දෙනෙකු දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක වලින් වාර්තා වේ.

අද (18) දින උදෑසන වනවිට, ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 වෛරසය ආසාදනය වු සම්පුර්ණ ආසාදිතයින් සංඛ්‍යාව 233,063 ක් ලෙස වාර්තා වේ. ඒ අතරින් අළුත් අවුරුදු සමයෙන් පසු වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 133,721 වේ.

අද (18) දින උදෑසන 0600 වනවිට (පසුගිය පැය 24 තුළ) රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 1,289 ක් පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇත.

අද (18) දිනයේදී ත්‍රිවිධ හමුදාව සහ හෝටල් තුළ පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 70 ක් තුළ පුද්ගලයින් 7,629 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටියි. එසේම, අද (18) දින උදෑසන 0600 වනවිට (පසුගිය පැය 24 තුළ) නිරෝධායන මධ්‍යස්ථාන 22 ක් තුළින් නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් 638 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර නිවෙස් වෙත පිටව ගොස් ඇත.

ජුනි මස 16 වන දින ශ්‍රී ලංකාව තුළින් කොවිඩ්-19 වෛරසය ආසාදිත කාන්තා මරණ 20 ක් සහ පිරිමි මරණ 31 ක් ඇතුලුව මරණ 51 ක් වාර්තාවී ඇත.

සම්පූර්ණයෙන්ම හුදෙකලා කර තිබු පොලිස් බලප්‍රදේශ සහ ග්‍රාම නිලධාරි වසම් තවදුරටත් හුදෙකලා තත්ත්වයේ පවතින අතර, මෙම මාධ්‍ය නිවේදනය නිකුත් කරන අවස්ථාව වනවිටත් තවදුරටත් දිවයින පුරා පැනවු සංචරණ සීමාවන් ඒ අයුුරින්ම ක්‍රියාත්මක වේ.