Header

Sri Lanka Army

Defender of the Nation

15th June 2021 16:01:04 Hours

යුද්ධ හමුදා භටපිරිස් පොලිසිය සමඟ එක්ව ගංජා හේනක් වටලා සැකකරුවන් අත්අඩංගුවට ගනී

යුද්ධ හමුදා බුද්ධි අංශයට ලද තොරතුරකට අනුව, තණමල්විල ප්‍රදේශයේ වගාකර තිබු ගංජා හේනක් වැටලු ආරක්‍ෂක සේනා මුලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 12 වන සේනාංකයට අයත් 20 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් සැකකරුවන් අත්අඩංගුවට ගෙන ගංජා හේන ගිනතබා විනාශ කරන ලදී.

අක්කර 2 ක භූමි ප්‍රමාණයක් ආවරණය කරමින් රක්‍ෂිතයේ රහසිගතව වගාකර තිබු නීති විරෝධි ගංජා හේනේ සියලුම පැළ භටපිරිස් විසින් පොලිසියේ අධීක්‍ෂණය යටතේ ගිනිතබා විනාශ කරන ලදී.

මේ අතර, පොලිස් නිලධාරීන් සමඟ එක්ව භටපිරිස් වියළි ගංජා පැකට් කිලෝග්‍රෑම් 25 ක් සමඟ සැකකරුවන් තිදෙනෙකු ද එහිදී අත්අඩංගුවට ගන්නා ලදී. මේ පිළිබඳ ඉදිරි විමර්ශන කටයුතු තණමල්විල පොලිස් ස්ථානය විසින් සිදුකරනු ලබයි.

ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් රංජන් ලමාහේවා ලබාදුන් උපදෙස් මත මෙම වැටලීම සිදුකෙරිණි.

12 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ප්‍රසන්න රණවක ගේ අධීක්‍ෂණය යටතේ මෙම මෙහෙයුම ක්‍රියාවට නැංවිණි. අතිගරු ජනාධිපතිතුමන්ගේ උපදෙස් මත ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ මඟපෙන්වීම යටතේ යුද්ධ හමුදාව විසින් දිවයින පුරා මත්ද්‍රව්‍ය මැඩලීමේ ක්‍රියාන්විත සිදුකරති.