Header

Sri Lanka Army

Defender of the Nation

15th June 2021 14:00:28 Hours

අඩු ආදායම්ලාභි පවුල් වෙත වියලි සලාක පාර්සල් බෙදාදෙයි

කල්ලපාඩු උතුරු ග්‍රාම නිලධාරී වසමේ පදිංචි අඩු ආදායම්ලාභි පවුල් වෙත එක් පාර්සලයක් රුපියල් 7500/= ක වටිනාකමින් යුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය අඩංගු වියලි සලාක පාර්සල් තොගයක් පසුගියදා බෙදාදෙන ලදී. මෙම වැඩසටහන මුලතිව් හෘද කන්‍යාරාමයේ කන්‍යා සොහොයුරියන්ගේ සහ 59 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් පී.ඩි සුරියබණ්ඩාර ගේ සහයෝගය ඇතිව ක්‍රියාවට නැංවිණි.

මුලතිව් සමුපකාර සමිතියේ සභාපති, මෙම අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිලදි ගැනීම සඳහා අනුග්‍රාහකත්වය ලබාදුන්නේය. පසුගිය බ්‍රහස්පතින්දා (11) දින ප්‍රතිලාභින්ගේ නිවෙස් වෙත ගොස් වියලි සලාක පාර්සල් බෙදාදුන්හ. මෙම අවස්ථාවට 59 වන සේනාංකයෙ සේනාංකාධිපති මේජර් ජෙනරල් පී.ඩි සුරියබණ්ඩාර ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු සහභාගි වූහ.