Header

Sri Lanka Army

Defender of the Nation

15th June 2021 15:15:04 Hours

කිලිනොච්චි ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුල් වෙත වියළි සලාක පාර්සල් බෙදාදීමේ වැඩසටහනක්

කිලිනොච්චි ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුල් වෙත වියලි සලාක පාර්සල් 75 ක් පසුගිය බ්‍රහස්පතින්දා (10) දින බෙදාදෙන ලදී. පෙරදෙණියේ ශ්‍රී සුබෝධාරාම ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ අනුග්‍රහය මත ලබාදුන් මෙම වියලි සලාක පාර්සල් බෙදාදීම සඳහා ආරක්‍ෂක සේනා මුලස්ථානය - කිලිනොච්චි යටතේ ස්ථාපිත 57 වන සේනාංකයේ භටපිරිස් සිය සහයෝගය දැක්වූහ.

සංචරණ සීමා පැනවීම හේතුවෙන් පීඩාවට පත් ප්‍රදේශයේ පවුල් වෙත සහන සැලසීමේ අරමුණින් ආරක්‍ෂක සේනා ආඥාපති - කිලිනොච්චි මේජර් ජෙනරල් හරේන්ද්‍ර රණසිංහ ලබාදුන් උපදෙස් මත 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ප්‍රියන්ත ජයවර්ධනගේ අධීක්‍ෂණය යටතේ මෙම ප්‍රජා සත්කාරක වැඩසටහන දියත් කරන ලදී.

මෙම වැඩසටහන සඳහා අවශ්‍ය සියලු කටයුතු ආරක්‍ෂක සේනා මුලස්ථානය - කිලිනොච්චි සිවිල් සම්බන්ධිකරණ නිලධාරී ලුතිනන් කර්නල් එල්. කිත්සිරි විසින් සම්පාදනය කරන ලදී.