Header

Sri Lanka Army

Defender of the Nation

15th June 2021 14:33:28 Hours

තවත් කොවිඩ් - 19 ආසාදිතයින් 2,334 දෙනෙකු හඳුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි

අද (16) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 2,334 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් අතරින් පුද්ගලයින් 58 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයින් වන අතර එක් පුද්ගලයෙකු මෙරටට පැමිණි විදේශිකයෙකු වේ. ඉතිරි පුද්ගලයින් 2,275 දෙනා දේශීයව හඳුනාගත් ආසාදිතයින් ලෙස වාර්තා වේ. හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර, ඒ ආසාදිතයින් 546 ක් ලෙසය. ඊට අමතරව, කලුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 268 ක් සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 250 ක් වාර්තා වේ. අනෙක් ආසාදිතයින් 1,211 දෙනෙකු දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක වලින් වාර්තා වේ.

අද (16) දින උදෑසන වනවිට, ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 වෛරසය ආසාදනය වු සම්පුර්ණ ආසාදිතයින් සංඛ්‍යාව 228,255 ක් ලෙස වාර්තා වේ. ඒ අතරින් අළුත් අවුරුදු සමයෙන් පසු වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 130,642 වේ.

අද (16) දින උදෑසන 0600 වනවිට (පසුගිය පැය 24 තුළ) රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 2,014 ක් පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇත.

අද (16) දිනයේදී ත්‍රිවිධ හමුදාව සහ හෝටල් තුළ පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 70 ක් තුළ පුද්ගලයින් 7,943 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටියි. එසේම, අද (16) දින උදෑසන 0600 වනවිට (පසුගිය පැය 24 තුළ) නිරෝධායන මධ්‍යස්ථාන 27 ක් තුළින් නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් 493 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර නිවෙස් වෙත පිටව ගොස් ඇත.

ජුනි මස 14 වන දින ශ්‍රී ලංකාව තුළින් කොවිඩ්-19 වෛරසය ආසාදිත කාන්තා මරණ 22 ක් සහ පිරිමි මරණ 33 ක් ඇතුලුව මරණ 55 ක් වාර්තාවී ඇත.

අද (16) දින උදෑසන වනවිට දිවයින පුරා සම්පුර්ණයෙන් හුදෙකලා කර තිබු පොලිස් බලප්‍රදේශ 8 ක් සහ ග්‍රාම නිලධාරි වසම් 258 ක් හුදෙකලා තත්ත්වයෙන් ඉවත් කර ඇත. එසේම මේ වනවිට කුරුණෑගල දිස්ත්‍රික්කයේ පන්නල පොලිස් බලප්‍රදේශය තවදුරටත් සම්පුර්ණයෙන්ම හුදෙකලා කර ඇති අතර දිවයින පුරා ග්‍රාම නිලධාරී වසම් 93 ක් ද තවදුරටත් හුදෙකලා තත්ත්වයේ පවතී. මෙම මාධ්‍ය නිවේදනය නිකුත් කරන අවස්ථාව වනවිටත් තවදුරටත් දිවයිනපුරා පැනවු සංචරණ සීමාවන් ඒ අයුුරින්ම තවදුරටත් ක්‍රියාත්මක වේ.