Header

Sri Lanka Army

Defender of the Nation

15th June 2021 13:33:28 Hours

යුද්ධ හමුදාව ස්ථාපිත කල නාවත්කුලි අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය සෞඛ්‍ය බලධාරීන්ට භාරදෙයි

කොවිඩ්-19 වෛරසය ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර සිදුකිරීම සඳහා අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමේ කර්යභාරයේ පෙරමුණ ගෙන කටයුතු කරන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විසින් ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා වෙත ලබාදුන් උපදෙස් මත සෞඛ්‍ය බලධාරීන්ගේ සහයෝගය ඇතිව 52 වන සේනාංකයේ භටපිරිස් නාවත්කුලි ප්‍රදේශයේදී තවත් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ස්ථාපිත කරන ලදී.

සියලු පහසුකම් වලින් සමන්විත මෙම අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ එකවර කොවිඩ්-19 වෛරසය ආසාදිත රෝගීන් 200 දෙනෙකුට ප්‍රතිකාර සිදුකල හැක. අර්ධ වශයෙන් ඉදිකරතිබු ගොඩනැගිල්ලක් මාසයක් වැනි කෙටි කාලයක් තුල ප්‍රතිසංස්කරණය කර මෙම අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය ස්ථාපිත කරන ලදී.

ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය විසින් මෙම අංගසම්පුර්ණ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය 2021 ජූනි මස 15 වන දින සෞඛ්‍ය බලධාරීන් වෙත භාරදෙන ලදී. මෙම අවස්ථාවට යාපනය දිස්ත්‍රික් ලේකම් කනපිතිපිල්ලේ මහේෂන් මහතා, කලාප සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය පරනේද්‍රන් මහතා, යාපනය ශික්‍ෂණ රෝහලේ අධ්‍යක්‍ෂ, 51, 52 හා 55 වන සේනාංකවල සේනාංකාධිපතිවරු, ආරක්‍ෂක සේනා මුලස්ථානය - යාපනය බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික, බ්‍රිගේඩියර් පාලන හා භටකාර්ය සම්පාදන ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් සහභාගි වූහ.