Header

Sri Lanka Army

Defender of the Nation

15th June 2021 16:33:28 Hours

මෙරට දිවිගෙවු වයස්ගතම හමුදා සෙබලා දිවියෙන් සමුගනී

වර්ෂ 1948 ට පෙර පැවැති 2 වන රාජකීය බ්‍රිතාන්‍ය හමුදා කාලතුවක්කු රෙජිමේන්තුවට අනුයුක්තව සේවය කළ අංක 410 දරණ තුවක්කු සෙබල එස්.ඩබ්ලිව්. ගුණපාල (විශ්‍රාමික) පසුගිය (15) දින අම්බලන්ගොඩ, අහුන්ගල්ල ප්‍රදේශයේ පිහිටි සිය නිවසේදී අභාවප්‍රාප්ත විය.

වර්ෂ 1943.01.20 වන දින සිට 1945.02.06 වන දින දක්වා රාජකීය බ්‍රිතාන්‍ය හමුදාවට සේවය කළ තුවක්කු සෙබල එස්. ඩබ්ලිව්. ගුණපාල (විශ්‍රාමික) බ්‍රිතාන්‍ය හමුදාවට සේවය කළ මෙරට ජීවත් වු වයස්ගතම සොල්දාදුවා විය. වර්ෂ 1939-1945 කාලය තුළ 2 වන ලෝක සංග්‍රාමයට දායක වු අභාවප්‍රාප්ත තුවක්කු සෙබල එස්. ඩබ්ලිව්. ගුණපාල (විශ්‍රාමික) බ්‍රිතාන්‍ය හමුදාවට කරන ලද සේවය අගය කරමින් සම්මානයක් ද පිරිනමා තිබේ.

ඔහුගේ දේහය අහුන්ගල්ල ධම්මතිස්ස මාවතෙහි පිහිටි සිය නිවසේ තැන්පත් කර ඇති අතර පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේදී ඔහු සිය 102 වන උපන්දිනය පවුලේ සාමාජිකයන් සමඟ සමරනු ලැබීය.