Header

Sri Lanka Army

Defender of the Nation

14th June 2021 21:39:47 Hours

පරිත්‍යාගශීලින්ගේ සහයෝගය ඇතිව 232 වන බලසේනාවේ භටපිරිස් ගර්භනීය කාන්තාවන්ට පෝෂණ මල්ලක් ලබාදෙයි

අඩු ආදායම්ලාභි පවුල්වල ගර්භනීය කාන්තාවන්ට පෝෂදායී ආහාර අඩංගු වියළි සලාක පාර්සල් තොගයක් පසුගිය බ්‍රහස්පතින්දා (10) දින ආරක්‍ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 23 වන පාබල සේනාංකයට අයත් 232 වන පාබල බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 12 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ භටපිරිස් විසින් පරිත්‍යාගශීලින්ගේ අනුග්‍රහය ඇතිව බෙදාදෙන ලදී.

මෙම ප්‍රජා ව්‍යාපෘතිය යටතේ ඊරාලක්කුලම්, වෙප්පවාඩ්ඩුවාන්, මයිලවඩ්ඩුවාන්, කුඩම්බිලේ සහ පෙරිල්ලාවේලි යන ග්‍රාම නිලධාරි වසම් ආවරණය වන පරිදි ගර්භනීය කාන්තාවන් 25 දෙනෙකු වෙත ධාන්‍ය, පරිප්පු, සහල්, කරවල, කිරිපිටි ඇතුළු පෝෂ්‍යපදාර්ථ සහිත වියළි සලාක පාර්සල් බෙදාදුන්හ.

ප්‍රදේශයේ සිවිල් වැසියන් හා යුද්ධ හමුදාව අතර සුහදත්වය හා සංහිඳියාව ඇති කිරීමේ අරමුණින් පැවැති මෙම ප්‍රජා සත්කාර වැඩසටහනට 12 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ අණදෙන නිලධාරී මේජර් සංජීව සේනාරත්න, දෙවන අණදෙන නිලධාරී සහ අනෙකුත් නිලධාරිහු සම්බන්ධ වූහ.