Header

Sri Lanka Army

Defender of the Nation

14th June 2021 21:35:46 Hours

59 වන සේනාංකයේ භටපිරිස් මුලතිව් රෝහල් පරිශ්‍රය පිරිසිදු කරයි

මුලතිව් රෝහල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක් ඉකුත් සිකුරාදා (11) දින ආරක්‍ෂක සේනා මුලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 59 වන සේනාංකයේ භටපිරිස් විසින් දියත් කරන ලදී.

සෞඛ්‍ය බලධාරීන් විසින් කරන ලද ඉල්ලීමකට අනුව 59 වන සේනාංකය යටතේ ස්ථාපිත 12 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් මෙම ශ්‍රමදාන වැඩසටහනට සිය සහයෝගය දැක්වූහ.

ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් උපාලි රාජපක්‍ෂගේ උපදෙස් මත 59 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් පී.ඩි. සුරිය බණ්ඩාරගේ අධීක්‍ෂණය යටතේ මෙම ශ්‍රමදාන වැඩසටහන සිදුකෙරිණි.