Header

Sri Lanka Army

Defender of the Nation

14th June 2021 21:38:14 Hours

5 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් කොත්මලේ ප්‍රදේශයේ පීඩාවට පත් ජනතාවට සහන සලසයි

කොත්මලේ ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුල්වල ජනතාවට වියලි සලාක පාර්සල් 80 ක් බෙදාදීමේ වැඩසටහනක් ඉකුත් සිකුරාදා (11) දින 58 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් චම්පක රණසිංහගේ උපදෙස් මත 581 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් නිලංග ප්‍රනාන්දුගේ සහයෝගය ඇතිව ක්‍රියාවට නැංවිණි.

5 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරිගේ අධීක්‍ෂණය යටතේ සිදුකරනු ලැබු මෙම වැඩසටහනේදී රුපියල් 3000/= කට අධික වටිනාකමින් යුත් වියළි සලාක පාර්සල් මෙලෙස බෙදාදෙන ලදී. ග්‍රාම නිලධාරි විසින් ලබාදුන් තොරතුරු අනුව කොත්මලේ නයපාන, කඩදොර සහ දඹගල්ල යන ග්‍රාම නිලධාරී වසම්වලින් ප්‍රතිලාභීන් තෝරා ගන්නා ලදී.

සංචරණ සීමා පැනවීම හේතුවෙන් දෛනික ආදායම් මාර්ග අහිමිවී දුෂ්කරතාවන්ට මුහුණදී සිටින ජනතාවට උපකාර කිරීමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී.