Header

Sri Lanka Army

Defender of the Nation

14th June 2021 06:00:40 Hours

ගතවු 24 පැය තුළ වැඩිම ආසාදිතයින් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය වාර්තා කරයි

අද (14) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 2,361 දෙනෙකු හඳුනාගෙන ඇත. හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර, ඒ ආසාදිතයින් 362 ක් ලෙසය. එම පුද්ගලයින් අතර පල්ලේවෙල හා ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසවලින් ආසාදිතයින් 34 දෙනෙකු බැගින් ද, කඩවත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් ආසාදිතයින් 28 දෙනෙකු සහ මිරිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් ආසාදිතයින් 27 දෙනෙකු වාර්තා වේ. සෙසු පුද්ගලයින් දිස්ත්‍රික්කයෙහි අනෙකුත් ප්‍රදේශවලින් වාර්තා වේ.

තවද, කලුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 339 දෙනෙකු වාර්තා වේ. එම පුද්ගලයින් අතර දොඩම්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් ආසාදිතයින් 45 දෙනෙකු, කලුතර දකුණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් ආසාදිතයින් 39 දෙනෙකු සහ බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් ආසාදිතයින් 38 දෙනෙකු වාර්තා වේ. සෙසු පුද්ගලයින් දිස්ත්‍රික්කයෙහි අනෙකුත් ප්‍රදේශවලින් වාර්තා වේ.

කොළඹ දිස්ත්‍රික්කයෙන් ද ආසාදිතයින් 338 දෙනෙකු වාර්තා වන අතර එම පුද්ගලයින් අතරින් අවිස්සාවේල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් වැඩිම ආසාදිතයින් ප්‍රමාණයක් වාර්තා වේ. ඒ ආසාදියින් 68 ක් ලෙසය. ඊට අමතරව, ගල්කිස්ස සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් ආසාදිතයින් 25 දෙනෙකු සහ නාරාහේන්පිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් ආසාදිතයින් 24 දෙනෙකු වාර්තා වේ. අනෙක් ආසාදිතයින් දිස්ත්‍රික්කයේ සෙසු ප්‍රදේශවලින් වාර්තා වේ.

ඒ අනුව ගතවූ විසිහතර පැය තුළ දිවයිනේ වැඩිම ආසාදිතයින් පිරිසක් හමුවූ ගම්පහ, කලුතර සහ කොළඹ යන දිස්ත්‍රික්කයන් තුළින් ආසාදිතයින් 1,039 දෙනෙකු වාර්තා වන අතර, ඉතිරි ආසාදිතයින් 1,322 අතර, රත්නපුර දිස්ත්‍රික්කයෙන් 322 දෙනෙකු ද, මහනුවර දිස්ත්‍රික්කයෙන් 194 දෙ‍ෙනකු ද, කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් 104 දෙනෙකු ද, නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් 93 දෙනෙකු ද, කෑගල්ල දිස්ත්‍රික්කයෙන් 87 දෙනෙකු ද, මඩකලපුව දිස්ත්‍රික්කයෙන් 73 දෙනෙකු ද, අම්පාර දිස්ත්‍රික්කයෙන් 66 දෙනෙකු ද, ගාල්ල දිස්ත්‍රික්කයෙන් 57 දෙනෙකු ද, මාතලේ දිස්ත්‍රික්කයෙන් 55 දෙනෙකු ද, යාපනය දිස්ත්‍රික්කයෙන් 40 දෙනෙකු ද, අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් 36 දෙනෙකු ද, පුත්තලම දිස්ත්‍රික්කයෙන් 34 දෙනෙකු ද, හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්ක වලින් 25 දෙනෙකු බැගින් ද, පොලොන්නරුව දිස්ත්‍රික්කයෙන් 22 දෙනෙකු ද, බදුල්ල දිස්ත්‍රිකයෙන් 20 දෙනෙකු ද, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් 17 දෙනෙකු ද, මාතර දිස්ත්‍රික්කයෙන් 06 දෙනෙකු ද, මන්නාරම දිස්ත්‍රික්කයෙන් 05 දෙනෙකු ද, කිලිනොච්චි දිස්ත්‍රික්කයෙන් 04 දෙනෙකු ද, මුලතිව් දිස්ත්‍රික්කයෙන් 03 දෙනෙකු සහ වවුනියාව දිස්ත්‍රික්කයෙන් 02 ක් ද වාර්තා වේ.