Header

Sri Lanka Army

Defender of the Nation

14th June 2021 08:23:39 Hours

58 වන සේනාංකයේ භටපිරිස් පුත්තලම දිස්ත්‍රික් රෝහල් පරිශ්‍රයේ නව අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ස්ථාපිත කරයි

පුත්තලම දිස්ත්‍රික්කයේ කොවිඩ්-19 වෛරසය ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර සිදුකිරීම සඳහා58 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් චම්පක රණසිංහ, ප්‍රදේශයේ සෞඛ්‍ය නිලධාරීන් සමඟ සාකච්ඡා කර පුත්තලම දිසා රෝහල් පරිශ්‍රයේ නව අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමේ කටයුතු ආරම්භ කළේය.

කොවිඩ්-19 වෛරසය ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර සිදුකිරීම සඳහා අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමේ කර්යභාරයේ පෙරමුණ ගෙන කටයුතු කරන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විසින් 58 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් චම්පක රණසිංහ වෙත ලබාදුන් උපදෙස් මත දින කිහිපයක් තුල මෙම අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය ස්ථාපිත කිරීම සඳහා පියවර ගත්තේය.

ඒ අනුව, නව අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදිකිරීම් කටයුතු මැයි මස 31 වන දින ආරම්භ කරන ලදී. පුත්තලම දිස්ත්‍රික්කය හා ඒ අවට ප්‍රදේශවල කොවිඩ්-19 වෛරසය ආසාදිත රෝගීන්ගේ වැඩිවීමක් සිදුවූහොත් එම රෝගීන්ට ප්‍රතිකාර සිදුකිරීමේ අරමුණින් නව අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය ස්ථාපිත කරන ලදී.