Header

Sri Lanka Army

Defender of the Nation

14th June 2021 06:00:40 Hours

58 වන සේනාංකයේ භටපිරිස් වෙන්නප්පුවේ සිට උඩප්පුව දක්වා වෙරළ තීරය පිරිසිදු කරති

පසුගියදා ගිනිගැනිමට ලක්වු ‘X Press Pearl’ බහාලුම් නෞකාවේ සුන්බුන් හේතුවෙන් අපවිත්‍ර වූ වෙරළ තීරය ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ උපදෙස් මත ත්‍රිවිධ හමුදා සාමාජිකයින් විසින් පිරිසිදු කිරීමේ කටයුතු සිදුකරති.

නෞකාවේ ගින්න නිසා මුහුදු වෙරළට ගොඩ ගසන අපද්‍රව්‍ය හේතුවෙන් අපවිත්‍ර වූ වෙන්නප්පුවේ සිට උඩප්පුව දක්වා වෙරළ තීරය 58 වන සේනාංයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් චම්පක රණසිංහගේ උපදෙස් මත එම සේනාංකයේ භටපිරිස් පසුගියදා පිරිසිදු කළහ.