Header

Sri Lanka Army

Defender of the Nation

14th June 2021 07:16:29 Hours

64 වන සේනාංකයේ භටපිරිස් තඩ්ඩියාමලෙයි සිට මුතියන්කඩ්ඩු දක්වා මාර්ගය ප්‍රතිසංස්කරණ කටයුතු අරඹයි

ආරක්‍ෂක සේනා මුලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපති 64 වන සේනංකයට අයත් 643 වන බලසේනාව, 6 වන කාරක ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තුවේ සහ 13 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ භටපිරිස් එක්ව පසුගිය සිකුරාදා (11) දින තඩ්ඩියාමලෙයි සිට මුතියන්කඩ්ඩු දක්වා ප්‍රධාන මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කරන ලදී.

ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් උපාලි රජපක්‍ෂගේ උපදෙස් මත 64 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් මංජුල කරුණාරත්න සහ 643 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් කේ.පී.ටී. ද සිල්වා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ අධීක්‍ෂණය යටතේ මෙම මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකරති.

6 වන කාරක ඉංජිනේරු රෙජිමේන්තුවේ භටපිරිස් මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා යාන්ත්‍රෝපකරණ භාවිතා කරන අතර මේ සඳහා 13 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ භටපිරිස් විසින් ශ්‍රමදායකත්වය ලබාදෙනු ලබයි.

තඩ්ඩියාමලෙයි සිට මුතියන්කඩ්ඩු දක්වා ප්‍රධාන මාර්ගයේ ඉදිකිරිම් කටයුතු සඳහා ප්‍රදේශයේ සිවිල් වැසියන් ද උපරිම සහයෝගය ලබාදෙති.