Header

Sri Lanka Army

Defender of the Nation

13th June 2021 10:14:22 Hours

යුද්ධ හමුදා භටපිරිස් මාතර සිට ගුරුබැබිල දක්වා වෙරළ තීරය පිරිසිදු කරයි

පසුගියදා ගිනිගැනිමට ලක්වු ‘X Press Pearl’බහාලුම් නෞකාවේ සුන්බුන් හේතුවෙන් අපවිත්‍ර වූ වෙරළ තීරය ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ උපදෙස් මත ත්‍රිවිධ හමුදා සාමාජිකයින් විසින් පිරිසිදු කිරීමේ කටයුතු මේ වනවිටත් ක්‍රියාත්මක වේ.

නෞකාවේ ගින්න නිසා මුහුදු වෙරලට ගොඩ ගසන අපද්‍රව්‍ය හේතුවෙන් අපවිත්‍ර වූ මාතර සිට ගුරුබැබිල දක්වා වෙරළ තීරය ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් විකුම් ලියනගේ ලබාදුන් උපදෙස් මත 61 වන සේනාංකයට අයත් 613 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථාපිත 3 වන ගැමුණු හේවා බළඇණියේ භටපිරිස් පසුගියදා පිරිසිදු කළහ.

මෙම වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන 61 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ධම්මි හේවගේ සහ 613 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් උපුල් කොඩිතුවක්කුගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ ක්‍රියාවට නැංවිණි.