Header

Sri Lanka Army

Defender of the Nation

13th June 2021 18:05:58 Hours

11 වන සේනාංකය විසින් ගම්පොල ස්ථාපිත කල නව අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය ප්‍රතිකාර කටයුතු සඳහා සුදානම්

කොවිඩ්-19 වෛරසය ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර සිදුකිරීම සඳහා ආරක්‍ෂක සේනා මුලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 11 වන සේනාංකයේ භටපිරිස් විසින් ගම්පොල, කුරුඳුවත්ත ‘සමර්සෙට්’ (Somerset) තේ කර්මාන්ත ශාලාව අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස ස්ථාපිත කර ඇත. කොවිඩ්-19 වෛරසය ආසාදිත රෝගීන් 300 දෙනෙකුට එකවර ප්‍රතිකාර සිදුකල හැකි මෙම අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය ජුනි මස 06 වන දින සෞඛ්‍ය බලධාරීන් වෙත භාරදුන්නේය.

කොවිඩ්-19 වෛරසය ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර සිදුකිරීම සඳහා අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමේ කර්යභාරයේ පෙරමුණ ගෙන කටයුතු කරන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විසින් ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් රංජන් ලමාහේවගේ වෙත ලබාදුන් උපදෙස් මත දින කිහිපයක් තුල මෙම අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය ස්ථාපිත කරන ලදී.

නව අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය භාරදීමේ අවස්ථාවට කෘෂිකර්ම අමාත්‍ය ගරු මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමන්, මහනුවර දිස්ත්‍රික් ලේකම්, නාවලපිටිය රෝහලේ අධ්‍යක්‍ෂ සහ සෞඛ්‍ය බලධාරීන් සහභාගි වූහ. මෙම අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය සියලු වෛද්‍ය පහසුකම්වලින් සමන්විත වේ.

නව අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය සෞඛ්‍ය බලධාරීන් වෙත භාරදීමේ අවස්ථාවට 11 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කිත්සිරි ලියනගේ ද සහභාගි විය. නව අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය ස්ථාපිත කිරීමේ කටයුතු 111 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් රෝහිත රත්නායකගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ සිදුකෙරිණි.