Header

Sri Lanka Army

Defender of the Nation

11th June 2021 21:05:09 Hours

231 වන බලසේනාවේ මුලිකත්වයෙන් මඩකලපුවේ ජනතාවට පිසු දිවා ආහාර පාර්සල් බෙදාදෙයි

23 වන සේනාංක බලප්‍රදේශයේ ස්ථානගත 4 වන ගැමුණු හේවා බලකායේ සහ 11 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් පසුගිය අඟහරුවාදා (8) දින මඩකලපුව, කාත්තන්කුඩි, එරාවූර් සහ ආරියම්පති ප්‍රදේශවල අඩු ආදායම්ලාභි පවුල්වල ජනතාවට දිවා ආහාර පාර්සල් බෙදාදීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදී.

දිවයින පුරා සංචරණ සීමාවන් පැනවීම හේතුවෙන් පීඩාවට පත් ප්‍රදේශයේ ජනතාවට සහයෝගයක් ලබාදීමේ අරමුණින් 231 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් විජිත හෙට්ටිආරච්චි මේ සඳහා මුලිකත්වය ගෙන කටයුතු කරන ලදී.

මෙම වැඩසටහනේදී පිසු ආහාර පාර්සල් සියයක් පමණ ප්‍රදේශයේ ජනතාව අතර බෙදාදුන්හ.