Header

Sri Lanka Army

Defender of the Nation

11th June 2021 16:05:09 Hours

591 වන බලසේනාවේ භටපිරිස් එළවලු පාර්සල් තොගයක් පරිත්‍යාග කරයි

ආරක්‍ෂක සේනා මුලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 59 වන සේනාංකයට අයත් 591 වන බලසේනාවේ භටපිරිස් පසුගිය අගහරුවාදා (08) දින අලම්පිල්, කල්ලපාඩු, සෙල්වපුරම්, වන්නිකුලම්, මුල්ලියාවෙලි සහ වඩ්ඩුවාකල් ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුල් රැසක් වෙත වියලි සලාක පාර්සල් බෙදාදෙන ලදී.

59 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් පී.ඩි. සුරියබණ්ඩාර සහ 591 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් සුජීව පෙරේරා ලබාදුන් උපදෙස් මත මෙම වැඩසටහන ක්‍රියාවට නැංවිණි.

මෙම අවස්ථාවට 59 වන සේනාංකයේ සේනාංකාධිපති, 12 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ හා 24 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරීන්, 591 වන බලසේනාවේ සිවිල් සම්බන්ධිකරණ නිලධාරී, මුලතිව් ධීවර කමිටුවේ සභාපති, මුලතිව් මහජන සෞඛ්‍ය පරික්‍ෂක සහ තවත් නිලධාරීන් කිහිපදෙනෙකු සහභාගි වූහ.