Header

Sri Lanka Army

Defenders of the Nation

logo logo logo

10th June 2021 15:11:37 Hours

මුලතිව් දිස්ත්‍රික් රෝහලට නව ස්වයංක්‍රිය ආවිලයන යාන්ත්‍ර දෙකක් පරිත්‍යාග කරයි

ශාක්‍ය පුත්‍ර පදනමේ අනුග්‍රහය ඇතිව නව ස්වයංක්‍රිය ආවිලයන යන්ත්‍ර (Digital Infusion Pump Machines) දෙකක් මුලතිව් දිස්ත්‍රික් රෝහල වෙත පසුගිය අඟහරුවාදා (08) දින පරිත්‍යාග කරන ලදී. මෙම පරිත්‍යාගය ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් උපාලි රාජපක්‍ෂගේ සම්බන්ධීකරණයෙන් සිදුකෙරිණි.

59 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ජි.ඩි. සුරියබණ්ඩාර සහ 591 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් සුජිව පෙරේරා ගේ පූර්ණ මැදිහත්වීම මත මෙම පරිත්‍යාග සිදුකෙරිණි.

මෙම අවස්ථාවට ශාක්‍ය පුත්‍ර පදනමේ පූජ්‍ය ගල්ගමුවේ ශාන්තබෝධි හිමියන්, ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් උපාලි රාජපක්‍ෂ, 59 වන සේනාංකයේ සේනාංකාධිපති, 24 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී, රෝහල් කාර්යමණ්ඩලය ඇතුළු තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු සහභාගි වූහ.