Header

Sri Lanka Army

Defender of the Nation

11th June 2021 19:05:09 Hours

උසස්විම් ලැබු මේජර් ජෙනරල් මහේෂ් අබේරත්නට යුද්ධ හමුදාධිපතිතුමන් නිල ලාංඡන පලදවයි

සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන් විසින් ආරක්‍ෂක අමාත්‍යාංශයේ සහ යුද්ධ හමුදාධිපතිතුමන්ගේ නිර්දේශය මත පසුගියදා ‘මේජර් ජෙනරල්’ නිලයට උසස්වීම් ලබාදුන් මේජර් ජෙනරල් මහේෂ් අබේරත්න බ්‍රහස්පතින්දා (10) දින යුද්ධ හමුදා මුලස්ථානයේදී ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා හමුවූයේය.

ඉදිරි නඩත්තු පෙදෙස - නැගෙනහිර ආඥාපති සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ කර්නල් සේනාවිධායක තනතුරු හොබවන මේජර් ජෙනරල් මහේෂ් අබේරත්න ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ කීර්තිමත් ජ්‍යෙෂ්ඨ නිලධාරීයෙකු වේ.මෙම සුහද හමුවේදී, උසස්වීම් ලැබු මේජර් ජෙනරල් මහේෂ් අබේරත්න වෙත සිය සුබපැතුම් එක්කල යුද්ධ හමුදාධිපතිතුමන්, ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකාය නගා සිටුවීමට සහ නව ක්ෂේත්‍රයන් ඔස්සේ ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ කාර්යභාර්ය තවදුරටත් වැඩිදියුණු කිරීමට කටයුතු කරන මෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ කර්නල් සේනාවිධායක තනතුර හොබවනමේජර් ජෙනරල් මහේෂ් අබේරත්න වෙත පැවසීය.

යුද්ධ හමුදාවේ වොලිබෝල් ක්‍රීඩාව ඉහළ නැංවීමට අවශ්‍යපියවර ගන්නා මෙන්යුද්ධ හමුදාධිපතිතුමන් මෙම සුහද හමුවේදී, ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ උප සභාපති සහ යුද්ධ හමුදා වොලිබෝල් කමිටුවේ සභාපතිතනතුරු හොබවන මේජර් ජෙනරාල් මහේෂ් අබේරත්න වෙත උපදෙස් ලබාදුන්නේය.

මේජර් ජෙනරල් මහේෂ් අබේරත්න, මේජර් ජෙනරල් නිලයට උසස්වීම සංකේතවත් කරමින් අසිපතප්‍රදානය කල යුද්ධ හමුදාධිපතිතුමන්,ඉදිරි නඩත්තු පෙදෙස - නැගෙනහිර ආඥාපති සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ කර්නල් සේනාවිධායක තනතුරු සඳහා වු පත්වීම් ලිපි ද මෙහිදි නවතමයෙන් උසස්වීම් ලැබු මේජර් ජෙනරල් මහේෂ් අබේරත්න වෙත පිරිනැමීය. පසුව, මේජර් ජෙනරල් මහේෂ් අබේරත්න, යුද්ධ හමුදාධිපතිතුමන්ගේ ප්‍රශංසාව වෙනුවෙන් සිය ස්තූතිය පුද කළේය.

මානුෂීය මෙහෙයුමටද සිය දායකත්වය දැක්වූ මේජර් ජෙනරල් මහේෂ් අබේරත්න, ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ උසස් තනතුරු රැසක් හොබවා ඇත.