Header

Sri Lanka Army

Defender of the Nation

11th June 2021 22:21:48 Hours

මෙහෙයුම්, පරිපාලන සහ තිරසාර අපේක්‍ෂාවන්ගේ පරිවර්තනයක් අවශ්‍ය බව යුද්ධ හමුදාධිපතිතුමන් පවසයි

‘ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉදිරි උපාය මාර්ගික සැලැස්ම 2020 – 2025’ ඵලදායී ලෙස ක්‍රියාවට නැංවීම සඳහාවන ක්‍රමෝපායන් පිළිබඳ ගවේෂණය කිරීමට සහ වෘත්තියනිපුණ දක්‍ෂ නිලධාරීන්ගේ සේවය ලබාගැනිමේ අරමුණින් සංවිධානය කළ සම්මන්ත්‍රණයක් හා වැඩමුළුවක් දිවයින පුරා විසිරි සිටින යුද්ධ හමුදා නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් බ්‍රහස්පතින්දා (10) දින යුද්ධ හමුදා මුලස්ථානයේදී පැවැත්විණි.

මෙම වැඩමුළුවේ සමාරම්භක අවස්ථාව සඳහා ‘ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉදිරි උපාය මාර්ගික සැලැස්ම 2020 – 2025’ නිර්මාතෘ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරිම වැළැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහභාගි වූයේය. මෙම සමුළුව ආරම්භයේදී ප්‍රධාන මාණ්ඩලික නිලධාරීන්, ආරක්‍ෂක සේනා ආඥාපතිවරු, යුද්ධ හමුදා මුලස්ථානයේ අධ්‍යක්‍ෂවරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගි වූහ.

යුද්ධ හමුදාවේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරීන්, ආරක්‍ෂක සේනා ආඥාපතිවරු, යුද්ධ හමුදා මුලස්ථානයේ අධ්‍යක්‍ෂවරු ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් එකට වාඩි වී සාකච්ඡාවක නිරතවීමටහැකිවනබැවින්මෙම අවස්ථාව මෑත ඉතිහාසයේ ඉතා වැදගත් අවස්ථාවක් බවයුද්ධ හමුදාධිපතිතුමන් සිය සමාරම්භක දේශනයේදී ප්‍රකාශ කලේය.

මෙහිදි තවදුරටත් අදහස් දක්වමින් නවතම ආරක්‍ෂක තත්ත්වයට අනාගතයේදී මුහුණදීම සඳහා සුදානම් වීමේ වැදගත් කම පිලිබඳ අවධානය යොමු කල යුතු බවත්සංකීර්ණ වු ආරක්‍ෂක තත්ත්වයක් සඳහා කාර්යක්‍ෂම, විශේෂිත වු ක්‍රමෝපායන් පිළිබඳ කල්පනා කල යුතු බවත් යුද්ධ හමුදාධිපතිතුමන් පැවසීය. “එසේම මා දකින පරිදි අපගේ වර්තමාන හා අනාගත මෙහෙයුම් ක්‍රියාවලියට ගැලපෙන ලෙස හමුදාවේ පරිපාලන, මෙහෙයුම් කටයුතු සංවිධානය විය යුතු බවද” යුද්ධ හමුදාධිපතිතුමන් පැවසීය.

යුද්ධ හමුදාධිපතිතුමන් වැඩමුළුව අමතමින් තවදුරටත් ප්‍රකාශ කළේ යුද්ධ හමුදාව සංවිධානයක් ලෙස ඉහලම කාර්යක්‍ෂමතාවයක් කරා ලගා වීම උදෙසා සුදුසු නිලධාරින් හා සෙබලුන් බදවාගෙන සංවිධානය ශක්තිමත් කල යුතු බවයි. මේ අතර හමුදාව සංඛ්‍යාත්මකව සංවර්ධනය වනවාත් සමඟම ගුණාත්මකභාවය වර්ධනය කල යුතු බවත්. එම නිසා සංවිධාන ව්‍යුහය පිළිබඳ නැවත අධ්‍යයනක යෙදී මේ සඳහා අවශ්‍ය, කාලීනව වැදගත් කරුණු දැඩි සැලකිල්ලට ගත යුතු බවත් එමගින් යුද්ධ හමුදාවේ අනාගතයට ගැලපෙන ලෙස ව්‍යුහය සංවිධානය කල හැකි බවත් පැවසීය.

එහිදි, යුද්ධ හමුදාධිපතිතුමන් වැඩිදුරටත් මෙසේද කීය. “අද මා ඉතා සතුටින් ප්‍රකාශකර සිටිනු ලබන්නේ, යුද්ධ හමුදාවේ නිලධාරින් සංඛ්‍යාව තවදුරටත් වර්ධනය කර ගැනිමට හැකි වී තිබෙන බවයි. බ්‍රිගේඩියර්වරුන් 07දෙනෙකු, කර්නල්වරු 17දෙනෙකු සහ ලුතිනන් කර්නල්වරු 48දෙනෙකු වශයෙන් නිලධාරීන් 72 කින් සමන්විත අමතර නිලධාරීන් සංඛ්‍යාවක් යුද්ධ හමුදා ස්වේච්ඡා බලකායට නිල උසස් කර ගැනිම යුද්ධ හමුදාව ලද ජයග්‍රහණයක්. කාලය වෙනස් වී තිබෙනවා. අභියෝග වෙනස්. ඒ අනුව ආරක්‍ෂක තත්ත්වය වෙනස් විය යුතු වෙනවා. ඒනිසා වර්තමාන හා අනාගත සන්ධර්භයන්ට සරිලන පරිදි අපගේ ආයතන ව්‍යුහය සහ මෙහෙයුම් ගැන නැවත සලකා බැලිය යුතුයි”

එමෙන්ම ඉතාම වැදගත් තවත් දෙයක් තමයි අපගේ මෙහෙයුම් සංකල්පය. අපිට අවශ්‍ය වෙනවා ආරක්‍ෂක වටපිටාව කුමන ආකාරයකට හා කෙසේද සකස් විය යුත්තේ කියලා විමසලා බලන්න. එනිසා නාගරික ප්‍රදේශ මහජනයා ගැවසෙන ප්‍රධාන ස්ථාන ගැන විශේෂ අවධානයකට ලක්විය යුතුයි. අනාගතයේ යම් ව්‍යසනකාරි තත්ත්වයක් ඇති වීමට පෙර ඒ සදහා මුහුණදීමට අපි කෙසේ සංවිධානය විය යුතුද ගැන සොය බැලිය යුතුයි. මෙහිදි අප මාධ්‍ය පිළිබඳවත් දැඩි අවධානයක් යොමුකල යුතුයි. ඒවාගේම තමයි සයිබර් ප්‍රහාර, ඒ වගේම අපගේ මෙහෙයුම් සංකල්ප සඳහා ශක්තිමත් ජාලයක් පැවතිමත්, බුද්ධි අංශය ක්ෂණික හා සැලසුම් සහගත ප්‍රතික්‍රමෝපායන් සලසාගැනිමත් වැදගත් වේ. භටපිරිස් මේ නවතම තත්ත්වයට මුහුණදීමට වෘත්තිය වශයේන් සන්නද්ධ කල යුතු වෙනවා. මෙහිදි පරිපාලනයට කාර්යක්‍ෂම හමුදා භටපිරිසක් සුදානම් කිරිම වැදගත් වෙනවා.

මේ තත්ත්වය සඳහා විසදුම් සොයාගැනීමට මෙම අභියෝගවලට නිසි පරිදි විසදුම් සොයාගැනිමහමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් ලෙස ඔබට පැවරී තිබෙනවා. අප වෙත පැවරී තිබෙන වගකීම හා වගවීම හා අපගේ හැකියාවන් ශක්තිය ජාතියේ ආරක්‍ෂාව වෙනුවෙන් නිසි පරිදි යොදාගැනිම අප විසින් සිදු කල යුතුය. ජාතික ආරක්‍ෂාවේ ප්‍රධාන ආරක්‍ෂකයින් වන අප, අපේ රටේ ජනතාවගේ මේ ජාතියේ ආරක්‍ෂාව සහතික කල යුතු අතර රටක් හා ජාතියක් වශයෙන් ඔවුන් බලාපොරොත්තු වනුයේ අපගෙන් ඒ යුතුකමයි. ඒ නිසා අප වහාම ඒ සඳහා සුදානම් විය යුතුයි.

“මේ කරුණ සම්බන්ධයෙන් මගේ මගපෙන්වීම සහ සැලසුම වන්නේ අපි විසින් අප ඉදිරියේ ඇති අභියෝග, තර්ජන පිළිබඳ හොදින් සමාලෝචනය කර ඒවා මැඩ පවත්වාගෙන යාම සඳහා ජාතික ආරක්‍ෂව සුරක්‍ෂිත භාවය තහවුරු කරගැනීම වස් සියලු සැලසුම් උපායමාර්ග හා මෙහෙයුම් නිසි පරිදි උපරිමයෙන් ක්‍රියත්මක කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීමයි. ඒ අනුව බෙදුම්වාදය, අන්තවාදයට එරෙහිව ක්‍රියා කිරිම මෙන්ම දේපල හා මහජනයා ආරක්‍ෂා කරගැනීම මෙහිදි වැදගත්ම කරුණයි. එම නිසා මෙම වැඩමුළුව අවසානයේ ඔබ විසින් මා හට කාලීන, දුරදර්ශි හා ජාතික ආරක්‍ෂාව මත පදනම් වු විකල්පයක් හා යොජනාවලියක් ඉදිරිපත් කරුනු ඇතැයි කියා මම බලාපොරොත්තු වෙනවා” යනුවෙන් යුද්ධ හමුදාධිපතිතුමන් පැවසීය.

යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් සෙනරත් බණ්ඩාර විසින් මෙම දෙදින වැඩමුළුව අවසානයේ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා වෙත නිර්දේශ හා මාර්ගෝපදේශයන් ඉදිරිපත් කිරිමට නියමිතය. එමගින් ‘ඉදිරි උපාය මාර්ගික සැලස්ම’ සාර්ථකව ක්‍රියාත්මක කිරිමට නියමිතය.