Header

Sri Lanka Army

Defender of the Nation

10th June 2021 17:04:59 Hours

වටවල තේ සමාගමේ අනුග්‍රාහය ඇතිව වියලි සලාක පාර්සල් තොගයක් පරිත්‍යාග කෙරේ

වටවල තේ සමාගම විසින් වවුනියාව, නොච්චිකුලම් තෙළිඟු ගම්මානයේ අඩු ආදායම්ලාභී පවුල් සියයක් සඳහා වියළි සලාක පාර්සල් ලබාදීමේ වැඩසටහනක් ආරක්‍ෂක සේනා ආඥාපති -වන්නිමේජර් ජෙනරල් හේමන්ත බණ්ඩාර සහ 21 වන සේනාංකයේ සේනාංකාධිපති ගේ උපදෙස් මත පසුගිය ජුනි මස 5 වන දින සංවිධානය කරන ලදී.

මෙම වැඩසටහන වටවල තේ සමාගමේ ජ්‍යෙෂ්ඨ අලෙවි කළමණාකාර අනුරාධා දසනායක මහත්මිය සහ වටවල ආයුර් තේ නිෂ්පාදන අලෙවි කළමණාකාර අල්තාෆ් යකුබ් මහතා (Mr. Altaf Yakub)විසින් සංවිධානය කරන ලදී.

මෙම වැඩසටහන සඳහා ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් හේමන්ත බණ්ඩාර, වවුනියාව (දකුණ)ප්‍රාදේශීය ලේකම් පීඑම්ඒකේ කුමාර, වටවල තේ සමාගමේ දර්ශන සංගීත් ඉලංගසිංහ මහතා ඇතුළු ආරක්‍ෂක සේනා මූලස්ථානය -වන්නි සේවය කරන නිලධාරීන් සහ සෙසු නිල පිරිසක් සහභාගි වූහ.

එදිනම එම සමාගම විසින් පම්පෙමඩු සහ පෙරියකාඩු නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනය වෙමින් සිටින පුද්ගලයින් සඳහා 'ආයුර්' තේ ලබාදීමේවැඩසටහනක් සංවිධානය කරන ලදී.