Header

Sri Lanka Army

Defender of the Nation

10th June 2021 16:18:14 Hours

යුද්ධ හමුදාවේ මුලිකත්වයෙන් වියලි සලාක පර්සල් තොගයක් බෙදාදෙති

වෙල්ලස්ස රූපවාහිනී යුටියුබ් නාලිකාවේ (Wellassa TV Youtube channel) අනුග්‍රහය ඇතිව හල්දුම්මුල්ල, වීරකෝන්ගම ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුල් වෙත වියලි සලාක පාර්සල් තොගයක් පසුගිය සඳුදා (08) දින බෙදාදෙන ලදී. මෙම වියලි සලාක පාර්සල් බෙදාදීම සඳහා ආරක්‍ෂක සේනා මුලස්ථානය - මධ්‍යම භටපිරිස් සිය සහයෝගය ලබාදුන්හ.

ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් රංජන් ලමාහේවගේ ලබාදුන් උපදෙස් මත එම ආරක්‍ෂක සේනා මුලස්ථානයේ භටපිරිස් විසින් ක්‍රියාවට නැංවු මෙම වැඩසටහනේදී ඇසුරුම් කල වියලි සලාක පාර්සල් 100 ක් අඩු ආදායම්ලාභි පවුල් වෙත බෙදාදුන්හ.