Header

Sri Lanka Army

Defender of the Nation

10th June 2021 19:03:56 Hours

තවත් ආධුනික පුහුණු පාඨමාලා දෙකක් ආරම්භ කරයි

64 වන සේනාංක බලප්‍රදේශයේ ස්ථාපති 641 වන බලසේනාව හා 14 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව විසින් ආධුනික සෙබලුන් 213 දෙනෙකු සහ 643 වන බලසේනාව හා 13 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුව විසින් ආධුනික සෙබලුන් 224 දෙනෙකුගේ පුහුණු කටයුතු 64 වන සේනාංක මුලස්ථානය යටතේ පාලනය කරනු ලබන වසන්තිපුරම් පුහුණු පාසලේදී පසුගිය සඳුදා (07) දින ආරම්භ කරන ලදී.

ආධුනික පුහුණු පාඨමාලාවල සමාරම්භක අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් උපාලි රාජපක්‍ෂ සහභාගි වූයේය. මෙම ආධුනික පුහුණු පාඨමාලාවන් 2021 සැප්තැම්බර් මස 25 වන දින අවසන් වීමට නියමිතව ඇත.

මෙම අවස්ථාවට 64 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් මංජුල කරුණාරත්න, 641 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ඩි.පී.ජේ.සී. ජයවර්ධන, 643 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් කේ.පී.ටී. සිල්වා සහභාගි වූහ.

‘ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉදිරි උපාය මාර්ගික සැලැස්ම 2020 – 2025’ අනුකූලව ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ සංකල්පයකට අනුව යුද්ධ හමුදාවේ පුරප්පාඩු සම්පුර්ණ කිරීම සඳහා දියත් කරනු ලබන බඳවා ගැනීමේ වැඩසටහන යටතේ ආධුනික සෙබලුන් 35,000 ක් බඳවාගැනීමට නියමිතව ඇත.