Header

Sri Lanka Army

Defender of the Nation

10th June 2021 18:05:25 Hours

යුද්ධ හමුදා සාමාජිකයින් තවදුරටත් ගංවතුර සහන මෙහෙයුම්වල

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් මත ක්‍රියාවට නැංවු ආපදා සහන මෙහෙයුම් කටයුතු තවදුරටත් ආරක්‍ෂක සේනා මුලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 14 වන සේනාංකයට අයත් 141 වන බලසේනාවේ සහ 144 වන බලසේනා බලප්‍රදේශවල ස්ථාපිත 6 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ සහ 2 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් විසින් දියත් කරනු ලබයි.

මගලගොඩ, කන්දොලුවැව ග්‍රාම නිලධාරි කොට්ඨාසවල පීඩාවට පත් පවුල් 5 ක් බෝට්ටු ආධාරයෙන් බේරාගෙන ආරක්‍ෂිත ස්ථාන කරා ගෙන යාමට 6 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා භටපිරිස් කටයුතු කළහ.

එසේම, 144 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථාපිත 2 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් කෝට්ටේ, කඩුවෙල සහ කොලොන්නාව යන ප්‍රදේශවලදී බෝට්ටු යොදාගනිමින් ගංවතුරෙන් පීඩාවට පත් වුවන් මුදාගැනීමේ සහන මෙහෙයුම් සිදු කළ අතර අවතැන් වූ සිවිල් වැසියන් 3000 කට පමණ පිසු ආහාර පාර්සල්ද බෙදාදුන්හ. මේ සඳහා කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙතින් වියලි සලාක ලබාදෙන ලදී.

මෙම ප්‍රජා සත්කාර ව්‍යාපෘති සියල්ලම ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් විකුම් ලියනගේ අධීක්‍ෂණය යටතේ සිදු කළේය.

එමෙන්ම, ආපදාවට ලක් වූ ප්‍රදේශ වෙත ගොස් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම 14 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා, 141 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ප්‍රදීප් ගමගේ, 144 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ලසන්ත ලියනවඩුගේ, 8 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ හා 2 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරීන්ගේ අධික්‍ෂණය යටතේ සිදු කෙරිණි.

ඇදහැලුණු ධාරානිපාත වර්ෂාපතනයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේ වැඩසටහන් ආරක්‍ෂක සේනා මුලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 14 වන සේනාංකයට අයත් 141 වන බලසේනාවේ සහ 144 වන බලසේනා බලප්‍රදේශවල ස්ථාපිත 8 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ හා 2 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් දියත් කළහ.

ඒ අනුව, 8 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් ගංවතුරෙන් පීඩාවට පත් ජනතාව අතර බිස්කට් පැකට් 500 ක් සහ ජල බෝතල් 1680 ක් පසුගිය සඳුදා (7) දින දොම්පේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී බෙදා දුන්හ.

මේ අතර, කඩුවෙල සහ කොලොන්නාව ප්‍රදේශවල ප්‍රාදේශීය ලේකම්වරුන් විසින් සපයන ලද වියළි සලාක යොදාගනිමින් 144 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථාපිත 2 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් පීඩාවට පත් ජනාතාවට පිසූ උදෑසන සහ දිවා ආහාර පාර්සල් බෙදාදෙන ලදී.

ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් විකුම් ලියනගේ ලබාදුන් උපදෙස් මත 14 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සුජීවා සෙනරත් යාපා, 141 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ප්‍රදීප් ගමගේ, 144 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ලසන්ත ලියනවඩුගේ, 8 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ හා 2 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරීන්ගේ අධික්‍ෂණය යටතේ ඇඳහැලෙන ධාරිණීපාත වර්ෂාපතනයත් සමඟ ඇතිවු ගංවතුර තත්ත්වයෙන් පීඩාවට පත්වූ ජනතාවට සහන සැලසීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කරති.