Header

Sri Lanka Army

Defender of the Nation

07th June 2021 15:17:26 Hours

කොවිඩ්-19 වෛරසයේ වත්මන් තත්ත්වය පිළිබඳ වවුනියාව දිස්ත්‍රික් කමිටුව සමාලෝචනය කරයි

වවුනියාව ප්‍රදේශයේ කොවිඩ්-19 වෛරසය ව්‍යාප්තවීමේ වත්මන් තත්ත්වය පිළිබඳ සමාලෝචනය කිරීමේ තවත් එක් දිස්ත්‍රික් සම්බන්ධිකරණ සාකච්ඡාවක් ජුනි මස 04 වන දින පවත්වන ලදී.

ප්‍රදේශයේ කොවිඩ්-19 වෛරසය පැතිරීම පාලනය කිරීම සඳහා අවශ්‍ය පියවරගැනිම සහ සුභසාධක වෙළඳ සැල් මගින් මහජනතාවට අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය මිලදීගැනීම සඳහා පහසුකම් සැලසීම මෙම සාකච්ඡාවේ මුලික පරමාර්ථය විය.

මෙම සාකච්ඡාවට ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් හේමන්ත බණ්ඩාර, දිස්ත්‍රික් ලේකම් සමන් බන්දුලසේන මහතා, ප්‍රාදේශිය ලේකම් පී.එම්.ඒ.කේ. කුමාර මහතා, 56 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් නන්දන දුනුවිල, 563 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් පණ්ඩුක පෙරේරා, වවුනියාව දිස්ත්‍රික් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තිස්ස ලාල් ද සිල්වා, පූජ්‍ය අලුත්ගම ඉන්ද්‍රසාර හිමියන්, මහජන සෞඛ්‍ය පරික්‍ෂක, සෞඛ්‍ය නිලධාරීන්, ග්‍රාම නිලධාරීන් ඇතුළු කමිටුවේ සාමාජිකයින් කිහිපදෙනෙකු සහභාගි වූහ.