Header

Sri Lanka Army

Defender of the Nation

07th June 2021 15:20:26 Hours

කනගරායන්කුලම් ශ්‍රී සම්බුද්ධ රජ මහ විහාරයේ ආවාසගෙයි ඉදිකිරීම් කටයුතු අරඹයි

කනගරායන්කුලම් ශ්‍රී සම්බුද්ධ රජ මහ විහාරයේ ආවාසගෙයි ඉදිකිරීම සඳහා මුල්ගල තැබීමේ උත්සවය පසුගිය සඳුදා (07) දින දැඩි සෞඛ්‍යාරක්‍ෂිත මාර්ගෝපදේශයන්ට මුල්තැනක් දෙමින් පැවැත්විය.

මෙම ආගමික උත්සවයට කනගරායන්කුලම් ශ්‍රී සම්බුද්ධ රජ මහ විහාරයේ විහාරාධිපති සහ උතුරු පළාත උප ප්‍රදාන සංඝනායක සද්ධර්ම කීර්ති ශ්‍රී සුමන මංගල සිද්ධාර්ථ පූජ්‍ය ඇටඹගස්කන්ද ශ්‍රී කල්‍යාණ තිස්ස හිමිපාණන්, ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් හේමන්ත බණ්ඩාර, 56 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් නන්දන දුනුවිල, 561 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ප්‍රියන්ත රත්නනායක, වවුනියාව උතුර දිස්ත්‍රික් ලේකම් හා අතිරේක දිස්ත්‍රික් ලේකම් අයි. ප්‍රතාපන් මහතා, කේ. ආනන්දන් මහතා, 561 වන බලසේනාවේ නිලධාරීන් සහ සෙසුනිලයින් සහභාගි වූහ.