Header

Sri Lanka Army

Defender of the Nation

07th June 2021 15:03:05 Hours

දකුණු සුඩානයේ රාජකාරි කරනු ලබන ශ්‍රී ලංකා වෛද්‍ය කණ්ඩායම හදිසි රෝගින් ගුවන් මගින් ප්‍රවාහනය කර වෛද්‍ය පහසුකම් සපයයි

දකුණු සුඩානයේ ක්‍රියාත්මක දෙවන මට්ටමේ රෝහලේ රාජකාරි කරනු ලබන ශ්‍රී ලාංකීක වෛද්‍ය කණ්ඩායම විසින් මේ වනවිට බොහෝ ශල්‍යකර්ම සාර්ථකව සිදුකර ඇති අතර අවදානම් තත්ත්වයේ පැවතුන ප්‍රධාන ශල්‍යකර්ම පහක් සඳහා රෝගීන් බෝර් සිට ජූබා නගරය වෙත ද තවත් ශල්‍යකර්ම දෙකක් සඳහා රෝගීන් බෝර් සිට එන්ටැබ් වෙත ද ප්‍රවාහනය කිරීම පසුගිය නොවැම්බර් මාසයේ සිට මේ දක්වා කාලය තුළ සිදු කර ඇත. තුවාලකරුවන් ගුවනින් ප්‍රවාහනය කරන වෛද්‍ය කණ්ඩායම් දෙකකින් සමන්විත මෙම ඒකකය සඳහා එක් වෛද්‍ය කණ්ඩායමක් සමගින් ශල්‍යාගාර පහසුකම් ඇත.

මේ සියලුම ශල්‍යකර්ම සහ වෛද්‍ය කටයුතු දකුණු සුඩානයේ ක්‍රියාත්මක දෙවන මට්ටමේ රෝහලේදී සිදුකල අතර කොවිඩ් - 19 වෛරසයෙන් පීඩාවට පත් රෝගීන් සඳහා ද වෛද්‍යවරුන් විසින් ප්‍රතිකාර කරනු ලබයි.

ඒ අනුව, මෙම ප්‍රවාහන වෛද්‍ය කණ්ඩායම් විසින් මේ වනවිට සංග්‍රාමික භූමියේ සිට රෝහල වෙත තුවාලකරුවන් ප්‍රවාහනය කර සාර්ථක ලෙස ප්‍රතිකාර කිරීමේ කටයුතු සිදුකරනු ලබයි.

දකුණු සුඩානයේ ක්‍රියාත්මක දෙවන මට්ටමේ රෝහලේ රාජකාරි කරනු ලබන ශ්‍රී ලාංකීක වෛද්‍ය කණ්ඩායම් දිවයිනෙන් පිටත්ව යාමට ප්‍රථම ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ සහ ගුවන් හමුදාවේ හදිසි ප්‍රතිකාර කටයුතු පිළිබඳ විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් විසින් හදිසි රෝගින් ගුවන් මගින් ප්‍රවාහනය කිරීමත් ඒ අතරතුර අවශ්‍ය ප්‍රතිකාර සිදු කිරීමත් පිළිබඳ කොළඹ යුද්ධ හමුදා රෝහලේදී විශේෂ පුහුණුවක් ලබාදෙන ලදී.