Header

Sri Lanka Army

Defender of the Nation

07th June 2021 15:02:46 Hours

තවත් කොවිඩ් - 19 ආසාදිතයින් 2,646 දෙනෙකු හඳුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි

අද (08) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 2,646 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් අතරින් පුද්ගලයින් 34 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයින් වන අතර තවත් පුද්ගලයින් 02 දෙනෙකු විදේශිකයින් වේ. ඉතිරි පුද්ගලයින් 2,610 දෙනා දේශීයව හඳුනාගත් ආසාදිතයින් ලෙස වාර්තා වේ. හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර, ඒ ආසාදිතයින් 444 ක් ලෙසය. ඊට අමතරව, කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 414 ක් සහ රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 392 ක් වාර්තා වේ. අනෙක් ආසාදිතයින් 1,360 දෙනෙකු දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක වලින් වාර්තා වේ.

අද (08) දින උදෑසන වනවිට, ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 වෛරසය ආසාදනය වු සම්පුර්ණ ආසාදිතයින් සංඛ්‍යාව 207,978 ක් ලෙස වාර්තා වේ. ඒ අතරින් අළුත් අවුරුදු සමයෙන් පසු වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 110,612 වේ.

අද (08) දින උදෑසන 0600 වනවිට (පසුගිය පැය 24 තුළ) රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවලින් පුද්ගලයින් 2,214 ක් පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇත.

අද (08) දිනයේදී ත්‍රිවිධ හමුදාව සහ හෝටල් තුළ පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 53 ක් තුළ පුද්ගලයින් 5,927 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටියි. එසේම, අද (08) දින උදෑසන 0600 වනවිට (පසුගිය පැය 24 තුළ) නිරෝධායන මධ්‍යස්ථාන 18 ක් තුළින් නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් 273 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර නිවෙස් වෙත පිටව ගොස් ඇත.

අද (08) දින උදෑසන වනවිට (පසුගිය පැය 24 තුළ) ශ්‍රී ලංකාව තුළින් කිසිදු කොවිඩ්-19 ආසාදිත මරණයක් වාර්තා නොවේ.

ඊයේ (07) දින වනවිට සම්පුර්ණයෙන්ම හුදෙකලා කර තිබු ග්‍රාම නිලධාරි වසම් අතරින් ග්‍රාම නිලධාරි වසම් 77 ක් හුදෙකලා තත්ත්වයෙන් නිදහස් කර ඇති අතර තවත් ග්‍රාම නිලධාරි වසම් 112 ක් තවදුරටත් හුදෙකලා තත්ත්වයේ පවතී. මෙම මාධ්‍ය නිවේදනය නිකුත් කරන අවස්ථාව වනවිට ක්‍රියාත්මක වන සංචරණ සීමාවන් ඒ අයුුරින්ම තවදුරටත් ක්‍රියාත්මක වේ.