Header

Sri Lanka Army

Defender of the Nation

07th June 2021 15:05:26 Hours

කඳාන ප්‍රදේශයේ අවශ්‍යතා සහිත පවුල් වලට එළවළු සහ පළතුරු බෙදාදීමට යුද්ධ හමුදා දායකත්වය

වෙල්ලස්ස TVයූ ටියුබ් නාලිකාවේ අනුග්‍රාහකත්වය මත කඳාන ප්‍රදේශයේ අවශ්‍යතා සහිත පුද්ගලයින් වෙත නොමිලේ එළවළු සහ පළතුරු බෙදාදීමේ වැඩසටහනක් පසුගිය ඉරිදා (06) දින පැවැත්වුණු අතර එම පරිත්‍යාග බෙදාදීම සඳහා ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 14 වන සේනාංකයට අයත් 141 වන බලසේනාවේ භටපිරිස් සිය දායකත්වය දැක්වූහ.

මෙම ව්‍යාපෘතියේදී, එළවළු සහ පළතුරු පාර්සල් 110 ක් අවශ්‍යතා සහිත පවුල් වෙත බෙදාදුන් අතර තවත් පාර්සල් 90 ක් අවශ්‍යතා සහිත පුද්ගලයින් අතර බෙදාදීම සඳහා කඳානශාන්ත සෙබස්තියන්දේවස්ථානය වෙත ලබාදුන්හ.

මෙම ව්‍යාපෘතිය සඳහා ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් විකුම් ලියනගේ ගේ සුබපැතුම් හිමි වූ අතර14 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා ගේ අධීක්‍ෂණය සහ 141 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ප්‍රදීප් ගමගේ ගේ මෙහෙයවීමෙන් එය සිදුකරන ලදී.