Header

Sri Lanka Army

Defender of the Nation

07th June 2021 14:17:13 Hours

242 වන බලසේනාවේ භටපිරිස් වියළි සලාක පරිත්‍යාග කරයි

ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 24 වන සේනාංකයට අයත් 242 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 8 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් කොවිඩ් - 19 වෛරසය හේතුවෙන් පනවා ඇති සංචරණ සීමාවන් නිසා විවිධ ආර්ථික අපහසුතාවයන්ට මුහුණ පා සිටින තිරුක්කෝවිල් දිස්ත්‍රික් ලේකම් බලප්‍රදේශයේ කන්චිරන්කුඩා ගම්මානයේ වෙසෙන අඩු ආදායම්ලාභී පවුල් සඳහා සහන සැලසීමේ අරමුණින් වියළි සලාක පාර්සල් බෙදාදුන්හ.

මෙම ව්‍යාපෘතියේදී, අඩු ආදායම්ලාභී පවුල් 10 ක් සඳහා රුපියල් 2500.00 ක වටිනාකමකින් යුත් වියළි සලාක පාර්සල් බෙදාදුන්හ.

මෙම ව්‍යාපෘතිය 24 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් චමින්ද ලමාහේවා, 242 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් චන්දික පීරිස් සහ 8 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ අණදෙන නිලධාරි විසින් අධීක්‍ෂණය කළහ.