Header

Sri Lanka Army

Defender of the Nation

07th June 2021 15:14:26 Hours

231 වන බලසේනාව ධීවර ප්‍රජාවේ භාවිතය සදහා ලීටර් 1000 පානීය ජලය ටැංකියක් ස්ථාපිත කරයි

231 වන බලසේනාවේ තවත් සිවිල් හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘතියක් ලෙස මඩකලපුව විෂන් කෙයාර් ආයතනය විසින් පසුගිය සිකුරාදා (04) දින පුන්නකුඩා ධීවර ප්‍රජාවේ සහ පුණ්‍යාරාමය විහාරස්ථානයේ භාවිතය සඳහා ලීටර් 1000 ප්ලාස්ටික් ජල ටැංකියික් පරිත්‍යාග කරන ලදී.

231 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් විජිත හෙට්ටිආරච්චි ගේ ඉල්ලීමකට අනුව මඩකලපුව විෂන් කෙයාර් ආයතනය විසින් පුන්නකුඩා ධීවරයින් 200 කගේ පවුලේ සාමාජිකයින්ගේ සහ පුණ්‍යාරාම විහාරස්ථානයේ භාවිතය සඳහා මෙම ජල ටැංකිය ලබාදී ඇත.

මෙම අවස්ථාව සඳහා 231 වන බලසේනාවේ නිලධාරින්, පුණ්‍යාරාම විහාරස්ථානයේ විහාරාධිපති හිමිපාණන් සහ සිවිල් වැසියන් සහභාගී වූහ.