Header

Sri Lanka Army

Defender of the Nation

07th June 2021 15:22:37 Hours

අයහපත් කාළගුණය නිසා දඬුගමඔයේ කැඩීගිය ඉවුර යුද්ධ හමුදා භටපිරිස් පිළිසකර කරති

අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයේ අතුරු ගංගාවක් වන දඬුගමඔයේ ඉවුර කැඩීයාම නිසා ඇති වූ ගංවතුර තත්ත්වයෙන් තුම්මෝදර බෝධිරාජාරාම මාර්ගය අවට ජනතාව පීඩාවට පත්වූහ. එබැවින් ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත14 වන සේනාංකයට අයත් 141 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 8 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් එක්ව ඉවුර කැඩීගිය ස්ථානය වැලිකොට්ට යොදා පිළිසකර කටයුතු කළහ.

ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් විකුම් ලියනගේ ගේ උපදෙස් පරිදි එම ස්ථානය වෙත ගොස් යුද්ධ හමුදා භටපිරිස් වැලිකොට්ට අතුරා බිඳී ගිය ඉවුර පිළිසකර කළහ. මෙම ව්‍යාපෘතිය සඳහා නාවික හමුදා භටපිරිස් කණ්ඩායමක්ද සිය සහයෝගය දැක්වූහ. ගංවතුර තත්ත්වයෙන් ගම්මාන 08 ක වැසියන් පීඩාවට පත්ව සිටියහ.

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ උපදෙස් මත ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් විකුම් ලියනගේ ගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ14 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා, 141 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ප්‍රදීප් ගමගේ සහ 08 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරි විසින් මෙම ව්‍යාපෘතියේ කටයුතු සම්බන්ධීකරණය කළහ.