Header

Sri Lanka Army

Defender of the Nation

07th June 2021 14:56:06 Hours

64 වන සේනාංකයේ භටපිරිස් වියළි සලාක පරිත්‍යාග කරති

ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 64 වන සේනාංකයේ භටපිරිස් පසුගිය සෙනසුරාදා (05) දින ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේ අවශ්‍යතා සහිත පවුල් සඳහා වියළි සලාක බෙදාදීමේ ව්‍යාපෘතියක් සංවිධානය කළහ.

මෙහිදී, අවශ්‍යතා සහිත පවුල් අතර බෙදාදීමට 'Second Coffee' International ආයතනය වෙතින් හාල්, පරිප්පු, සීනි, කිරිපිටි, කරවල, ලුණු, තේ කොළ සහ ළුණු ආදී ද්‍රව්‍ය වලින් සමන්විත පාර්සල් ලබාදෙන ලදී.

ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් උපාලි රාජපක්‍ෂ ගේ උපදෙස් මත 64 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් මංජුල කරුණාරත්න විසින් මෙම ව්‍යාපෘතිය සම්බන්ධීකරණය කළේය.