Header

Sri Lanka Army

Defender of the Nation

07th June 2021 14:59:12 Hours

231 වන බලසේනාව බලසේනා බලප්‍රදේශයේ පිහිටි විහාරස්ථාන සඳහා වියළි සලාක පරිත්‍යාග කරයි

231 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් විජිත හෙට්ටිආරච්චි ගේ උපදෙස් මත එම බලසේනාවේ භටපිරිස් පසුගිය බ්‍රහස්පතින්දා (03) දින මඩකලපුව දිස්ත්‍රික්කයේ පන්සල් හා තවත් පූජනීය ස්ථාන සඳහා වියළි සලාක සහ එළවළු පරිත්‍යාග කළහ.

ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර, 23 වන සේනාංකයේ සේනාංකාධිපති සහ 231 වන බලසේනාවේ බලසේනාධිපති ගේ ඉල්ලීමකට අනුව එරාවූර් පිහිටි පුලිනතලරාමය විහාරස්ථානය සහ පුන්නකුඩා පුණ්‍යාරාම විහාරස්ථානය මෙම ව්‍යාපෘතිය සඳහා මඟපෙන්වීම් ලබාදෙන ලදී.

මෙම වැඩසටහන සඳහා 231 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් විජිත හෙට්ටිආරච්චි, 23 වන සේනාංකයේ සහ 231 වන බලසේනාවේ සිවිල් සම්බන්ධීකරණ නිලධාරින් සහභාගී වූහ.